ඔබේ වෙබ් අඩවිය බිද වැටී ඇති ඇති බව එසැනින් දැනුම් දෙන සේවාවක්

ඔබේ වෙබ් අඩවිය බිද වැටී (Server down) ඇති බව එසැනින් සියළු දෙනාට කලින් කලින් ඔබට දැනගන්න පුළුවන්. uptimerobot.com සේවාවට ඔබේ වෙබ් අඩවිය එක් කිරීමෙන්.

uptimerobot.com වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඔබේ ගිණුමට Domain Name එක හෝ Server IP එක එක් කලාට පසුව සුළු හෝ Server Down එකක්  උනත් එසැනින් E-mail  එකක් ලැබෙනවා.

ඒ වගේම Server එක නැවත Up ඌ සැනින් Server එක up වී ඇති බවත් කෙතරම් කාලයක් ඔබේ Server එක බිද වැටී  තිබුණාද කියලා E-mail  එකක් ලැබෙනවා.

ඔබ  Web Hosting හෝ වෙනත් සේවාවක් සපයන කෙනක් නම් ඔයාගේ Servers වල තත්වය වෙනත් අයට පෙන්වන්න Status page එකක් නොමිලේම uptimerobot.com වලින් සාදා ගන්න පුළුවන්.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

Uptimerobot සේවාවට වෙබ් අඩවියක් එකතු කරගන්නේ කොහොමද ?

1) පළමුව https://uptimerobot.com/ වෙබ් අඩවියට ගිහිල්ලා ලියාපදිංචි වීම සදහා එහි දකුණු කෙලවරේ උඩ තියෙන Register for Free මත ඔබන්න.

2 ) ඊළගට ඔබේ සම්පුර්න නම , E-mail address එක, කැමති Password එකක් ලබා දීලා Inform me about new features and updates (max. twice a month) එකට ක්ලික් එකක් දාලා I’am not a robot වලටත් ක්ලික් එකක් දාලා Register Now මත ඔබන්න.

ඔබේ E-mail පරික්ෂා කරන්න ඊළගට

3) Activation Link එකක් සහිත E-mail එකක් ඇවිල්ලා ඇති එහි තියෙන Activation Link එක මත ඔබන්න.

4) ඊළගට ඔබේ ගිණුමේ ඇති Add New Monitor මත ඔබන්න.

5) ඊලගට Monitor Type එක හැටියට HTTP(s) තෝරන්න.

6) ඊළගට

Friendly Name * එකට කැමති නමක් Type කරන්න. ( වෙබ් අඩවියක් නම් වෙබ් අඩවියේ නම දාන්න. Server එකක් නම් Server එකේ නම දාන්න. උදා – Cpanel Server , US DedicatedServer. වගේ දාන්න Status page එකක් හදනවා නම් මෙතනට අදාළ සේවාවේ නම දාන එක හොදයි Web Hosting එකක් වගේනම් එකේ Server එකේ නම දාන්න මම උදාහරණයේ පෙන්නපු විදියට එතකොට Status page එක බැලුවාම ඕනේ කෙනක් ට අදාල Server එක පහසුවෙන් හදුනා ගන්න ලේසි.)

URL (or IP) * වලට වෙබ් අඩවියක් නම් Domain එක type කරන්න (උදා https://yourdomain.com) Server එකක් Add කරනවා නම් IP එක Type කරන්න (උදා – http://192.168.1.1 මේ වගේ Type කරන්න) VPS එකක් වගේ භාවිතා කරනවා නම් ඔතනට VPS එකේ තියෙන ඔකොම සයිට් Add කරනවට වඩා ලේසි VPS එකේ IP එක Add කරන එක.

ඊළගට Monitoring Interval * එක තෝරන්න  මේක විනාඩි 5 කට වඩා අඩු කරන්න නම් බෑ එහෙම අඩු කරනවා නම් මෙයාලගේ PRO Plan එක ඔයාට ගන්න වෙනවා.

ඊලගට Select “Alert Contacts To Notify” මෙන්න මේකට ක්ලික් එකක් දාන්න

ඊලගට Create Monitor මත ඔබන්න.

දැන් Uptimerobot සේවාවට ඔබේ වෙබ් අඩවිය එකතු කරගෙන ඉවරයි

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *