VPS එකට පහසුවෙන් DirectAdmin Install කරගන්නා ආකාරය
|අද මම කියලා දෙන්නේ VPS එකට DirectAdmin Install කරගන්නා ආකාරය ගැනයි. DirectAdmin කියන්නේ ඉතාමත් ප්‍රබල හා සරලව භාවිතා කළ හැකි Web Hosting Control Panel එකක්. එය Linux Operating Systems සඳහා අනුකූල වන අතර, සියලුම Hosting කළමනාකරණ කාර්යයන් පහසුවෙන් කළ හැකි පරිදි නිර්මාණය කර ඇත.
DirectAdmin භාවිතා කිරීමේදී ඔබට පහසුවෙන් Domains, Emails, Databases, හා FTP accounts කළමනාකරණය කිරීමට හැකි වනු ඇත. එමෙන්ම, Server Resources මට්ටම නිරීක්ෂණය කිරීම, User Accounts පාලනය, හා Backup කරුණු වලදීත් පහසුවෙන් ක්‍රියාත්මක විය හැක.
DirectAdmin මගින් සැපයෙන ආරක්ෂාව ද ඉතා විශ්වාසනීයය. ඔබේ Server එක ආරක්ෂා කිරීම සඳහා SSL Certificates, Two-Factor Authentication (2FA), Brute Force Monitor, හා Firewall පාලනය ලබා දේ.
DirectAdmin හොඳ Support එකක් ලබා දෙන අතර, ඒ සඳහා Online Documentation, Support Tickets, හා Community Forums ලබා ගත හැක.
System Requirements
DirectAdmin install කිරීමට පෙර, ඔබේ VPS එකේ පහත සඳහන් system requirements සපුරාලීම අවශ්‍ය වේ:
OS | Version | Architecture |
CentOS | 7 | 64bit |
RHEL / CentOS Stream / Rocky Linux / AlmaLinux | 8 | 64bit |
RHEL / CentOS Stream / Rocky Linux / AlmaLinux | 9 | 64-bit, Arm64 |
Debian | 10, 11, 12 | 64-bit, Arm64 |
Ubuntu | 18.04, 20.04, 22.04 | 64-bit, Arm64 |
DirectAdmin License එකක් ලබා ගන්නේ කෙසේද?
DirectAdmin ස්ථාපනය කිරීමට පෙර, ඔබට අවශ්‍ය License එකක් ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න:
1. DirectAdmin වෙබ් අඩවියට පිවිසෙන්න – https://directadmin.com
3. Register බොත්තම ඔබන්න
4. විස්තර පුරවා Submit කරන්න. එවිට ඔබට E-mail එකක් හරහා Username හා Password ලැබෙනවා. ඒවා ලබා දීලා DirectAdmin ගිණුමට ලොග් වෙන්න.
5. Buy License වෙත යන්න. License Type එක තෝරා ගන්න. අඩුම මිලකට License එකක් තෝරනවා නම් මාසිකව $5 තිබෙන License එක තෝරන්න. Proceed බොත්තම ඔබා ගෙවීම කර License එක ලබා ගන්න.
6. ගිණුමේ My License වෙත ගිහින් License එක Copy කර ගන්න.
DirectAdmin Install කරන ආකාරය
VPS එකක DirectAdmin ස්ථාපනය කිරීම පහත පියවර අනුගමනය කරමින් සාර්ථකව සිදුකල හැක:
1. SSH Client එකක් භාවිතා කර VPS එකට සම්බන්ධ වන්න
2. පහත Command එක භාවිතා කරන්න (License Key එක ඔබේ Key එකෙන් පුරවන්න):
bash <(curl -fsSL https://download.directadmin.com/setup.sh) ‘License Key’
උදාහරණයක් ලෙස:
bash <(curl -fsSL https://download.directadmin.com/setup.sh) ‘6vJOj3ao9OswmebhnFgKS8qCk7lZyR18Dp=’
3. මෙම Command එක SSH Terminal එක තුළ Run කරන්න.
4. විනාඩි 3-4 කින් DirectAdmin ස්ථාපනය සම්පූර්ණ වේ.
5. ස්ථාපන කටයුතු සම්පූර්ණ වූ පසු Username සහ Password එකක් ලබාදෙනු ලැබේ. එය Copy කරගෙන ආරක්ෂිත ස්ථානයක Save කරගන්න.
6. Panel එකට ලොග් වීමට පහත URL එක භාවිතා කරන්න.
https://your-vps-ip:2222
උදාහරණයක් ලෙස: https://192.168.1.1:2222
Panel එකට ලොග් වීමෙන් පසු, CustomBuild එක ස්ථාපනය වේ. එම ක්‍රියාවලිය පෙන්වන සටහනක් පෙනේ. එම message එක මත click කිරීමෙන් ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න.
VPS එකේ ඕනෑම Domain එකක් Add කිරීම හෝ VPS එක Reboot කිරීම, CustomBuild ස්ථාපනය සම්පූර්ණ වූ පසු පමණක් කරන්න.
ස්තුතිය.
ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අමතන්න. වෙබ් අඩවිය – https://www.divvyhosting.net