VestaCP හි phpMyadmin හි File Upload කිරීමේ Size එක වැඩි කරන්නේ කෙසේද?

Vestacp හි phpMyAdmin හි උපරිම File Upload කිරීමේ සීමාව 2MB වේ. විශාල ප්‍රමාණයේ database එකක් Upload කිරීමට මෙය ප්‍රමාණවත් නොවේ. උපරිම Upload කිරීමේ සීමාව වැඩි කිරීමට, අපට ඇත්තේ එකම විසඳුමකි ඒ php.ini ගොනුව සංස්කරණය කිරීමයි. දැන් පටන් ගමු වැඩේ 

1. Vestacp Panel එකට ලොග් වෙලා Menu එකේ Server මත ක්ලික් කරන්න.

2. nginx ඉදිරියෙන් ඇති configure ඔබන්න. ( nginx ලගට ඔබේ Mouse එක රැගෙන යන්න එතකොට මෙම Buttion එක දිස්වේ)

3. ඊළගට configure php.ini ක්ලික් කරන්න.

4. දැන් ඔබට Basic PHP Settings පෙනෙනු ඇත. මෙහි දැන් post_max-size , upload_max_filesize හි අගයන් ඔබට අවශ්‍ය පරිදි වැඩි කරන්න.

5. Basic PHP Settings වෙනස් කිරීමෙන් පසු Save කිරීම සදහා පිටුවේ පහල ඇති Save Buttion එක කලික් කරන්න.

6. නැවතත් phpMyadmin වෙත ගිහින් බලන්න phpMyadmin හි File Upload කිරීමේ Size එක වැඩි වෙලා ඇති.  

මේ සම්බන්ධයෙන් ඔබට මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *