yourdomain.com වැනි ලිපිනයක් භාවිතා කරන Blogger බ්ලොග් එකකට Blogger වලින් නොමිලේ දෙන https සක්‍රීය කරන ආකාරය

කලින් Blogger එකෙන් Free SSL (https://) ලබා දුන්නේ blogspot.com ලිපිනයන් වලට විතරයි.

ඔන්න දැන් yourdomain.com වගේ (Custom Domain) Domain දාගෙන ඉන්න බ්ලොග් වලටත් Free SSL (https://) ලබා දීලා.

ඔබේ Blogger බ්ලොග් අඩවියට Blogger වලින් නොමිලේ දෙන SSL සක්‍රීය කරගන්නා ආකාරය.

මුලින් ම https://draft.blogger.com යන්න.

ඊළගට Settings > Basic ගිහිල්ලා HTTPS වලින් HTTPS availability ඉදිරියෙන් තියෙන dropdown menu එකෙන් Yes තෝරන්න.

http://www.yourdomain.com ලිපිනයට එන අයත් https://www.yourdomain.com ලිපිනයට හරවා යවන්න අවශ්‍ය නම් HTTPS redirect ඉදිරියෙන් තියෙන dropdown menu එකෙන් Yes තෝරන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *