VPS එකකට myVesta (Vestacp Fork) Web Hosting Control Panel එක Install කර ගන්නේ කොහොමද ?

මේ Control Panel එකේ නම myVesta මේක Vestacp වල Fork එකක්. නිළ Vestacp මෑතකදී කිසිදු යාත්කාලිනයක් සිදු නොවූ නිසා එය භාවිතා කිරීම එතරම් ආරක්‍ෂිත නෑ ඉතින් Vestacp වලට හුරු වෙලා වෙන Panel එකකට යනවා කියන එකත් කරන්න බැරි වැඩක් මටනම් Vestacp තරම් Free දෙන එක Panel එකක්වත් හරියන්නේ නෑ  ඉතින් මේකට පිලියමක් ලෙස භාවිතා කරන්න පුළුවන් myVesta මේක Vestacp වල Fork එකක්. මේක නිළ Vestacp වලට වඩා ගොඩක් ආරක්‍ෂිත බවයි myVesta developers ලා නම් කියන්නේ නිළ Vestacp Ubuntu / Debain / CentOs වලට සහය දැක්වුවත් myVesta සහය දක්වන්නේ Debain සදහා පමණයි.

Features of myVesta

  • Support for Debian 10 and 11 (previous Debian releases are also supported)
  • Support for MySQL 8
  • nginx templates that can prevent denial-of-service on your server
  • Support for multi-PHP versions
  • You can host NodeJS apps
  • You can limit the maximum number of sent emails (per hour) per mail account and per hosting account, preventing hijacking of email accounts and preventing PHP malware scripts to send spam.
  • You can see what PHP scripts are sending emails, when and to whom
  • You can completely “lock” myVesta so it can be accessed only via secret URL, for example https://serverhost:8083/?MY-SECRET-URL
    • During installation you will be asked to choose a secret URL for your hosting panel
    • Literally no PHP scripts will be alive on your hosting panel (won’t be able to get executed), unless you access the hosting panel with secret URL parameter. Thus, when it happens that, let’s say, some zero-day exploit pops up – attackers won’t be able to access it without knowing your secret URL – PHP scripts from VestaCP will be simply dead – no one will be able to interact with your panel unless they have the secret URL.
    • You can see for yourself how this mechanism was built by looking at:
    • If you didn’t set the secret URL during installation, you can do it anytime. Just execute in shell:
    • echo "<?php \$login_url='MY-SECRET-URL';" > /usr/local/vesta/web/inc/login_url.php
  • We disabled dangerous PHP functions in php.ini, so even if, for example, your customer’s CMS gets compromised, hacker will not be able to execute shell scripts from within PHP.
  • Apache is fully switched to mpm_event mode, while PHP is running in PHP-FPM mode, which is the most stable PHP-stack solution
    • OPCache is turned on by default
  • Auto-generating LetsEncrypt SSL for server hostname (signed SSL for Vesta 8083 port, for dovecot (IMAP & POP3) and for Exim (SMTP))
  • You can change Vesta port during installation or later using one command line: v-change-vesta-port [number]
  • ClamAV is configured to block zip/rar/7z archives that contains executable files (just like GMail)
  • Backup will run with lowest priority (to avoid load on server), and can be configured to run only by night (and to stop on the morning and continue next night)
  • You can compile Vesta binaries by yourself – src/deb/vesta_compile.sh
    • You can even create your own APT repository in a minute
    • We are using latest nginx version for vesta-nginx package
    • With your own APT infrastructure you can take security of Vesta-installer infrastructure in your own hands. You will have full control of your Vesta code (this way you can rest assured that there’s 0% chance that you’ll install malicious packages from repositories that may get hacked)
    • Binaries that you compile are 100% compatible with official VestaCP from vestacp.com, so you can run official VestaCP code with your own binaries (in case you don’t want the source code from this fork)

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

myVesta VPS එකකට Install කරගන්නා ආකාරය 

මුලින් ම Debain 10 හෝ 11 VPS එකට Install කරගන්න.

ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න
Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
Password එකට root Password එක Type කරන්න

Packages Update කර ගැනීම සදහා

sudo apt-get update

curl Install කර ගැනීම සදහා

sudo apt-get install curl -y

installation script එක බාගත කර ගැනීම සදහා  මුලින් ම පහත Command එක Type කරලා Enter ඔබන්න.

curl -O http://c.myvestacp.com/vst-install-debian.sh

එය ධාවනය කිරීමට පහත Command එක Type කරලා Enter ඔබන්න

bash vst-install-debian.sh

ඊළගට කීබෝඩ් එකේ  Y ඔබලා Enter ඔබන්න.

ඊළගට E-mail Address එක Type කරලා කීබෝඩ් එකේ  Enter ඔබන්න.

ඊළගට දෙන්න ඕනේ Secret URL එකක් දීල කීබෝඩ් එකේ Enter ඔබන්න. ඔතනට දෙන්න ඕනේ මොකක් හරි නමක් (උදා –  vps456789) ඔයාගේ Panel එක Address එක cp.yourdomain.com:8083 කියලා හිතමු ඔය Address එක ඕනේ කෙනක් ට සොයාගෙන යන්න පුළුවන් Panel එකට ලොග් වෙන්න.  නමුත් ඔයාවත් වෙන කෙනක්වත්  එහෙම ගියා කියලා ලොග් වෙන තැන එන්නේ නෑ මේ Panel එකේ  එක ඔයාගේ ආරක්ෂාවට කරපු දෙයක් ඒ අය.  ඔය Secret URL එකත් එකතු වෙලා මෙන්න මේ වගේ Address එකක් හැදෙනවා https://cp.yourdomain.com:8083/?vps456987 ඔය Secret URL එක භාවිතා කරලා ගියොත් විතරයි Panel එකට ලොග් වෙන තැන ලෝඩ් වෙන්නේ.

ඊළගට කැමති Port Number එකක් දීලා කීබෝඩ් එකේ Enter ඔබන්න.   Panel එකට ලොග් වෙන Address එකේ අන්තිමට තියෙන්නේ :8083 කියලා Port Number එකක් එකක්  Vestacp භාවිතා කරනකොට ඔයාගේ Domain එකේ හෝ Server IP Address එකේ අන්තිමට :8083 එකතු කරලා ලොග් වෙන තැනට යන්න පුළුවන් ඕනේ කෙනක් ට  එක අනාරක්ෂිතයි, ඒ නිසා Port Number එකත් වෙනස් කරගන්න පුළුවන් කම දීලා තියෙනවා myVesta වල.

ඊළගට hostname එකක් දීලා කීබෝඩ් එකේ Enter ඔබන්න.  මෙතනට උදා – cp.yourdomain.com වගේ  Sub Domain එකක් තමයි දෙන්න ඕනේ කැමති නමකින් Sub Domain එකක් හදලා දෙන්න හැබැයි දෙන Sub Domain එකට, VPS IP එක දාලා A Record එකක් හදන්න Enter කරන්න කලින්. (Panel එක Install වෙන වෙලාවේම SSL Certificate එකත් Active වෙන්න ඕනේ නිසා මේ වැඩේ කරන එක අනිවාර්යයි)

Install වෙලා ඉවර උනාම Username/Password ලැබෙනවා. ඒවා භාවිතා කරලා Panel එකට ලොග් වෙන්න.

 

වැඩි දුර තොරතුරු සදහා :

myVesta වෙබ් අඩවිය – https://myvestacp.com/

Support forum එක – https://forum.myvestacp.com/

Github – https://github.com/myvesta/vesta

ඔබ myvestacp Install කරන්න ගිහින් මොනවා ගැටළුවක් අවොත් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්

ස්තුතිය

4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *