නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න පුළුවන් ක්‍රම දෙකක්

අද මම කියලා දෙන්නේ නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැනයි (මුලින්ම කියන්න ඕනේ මම මේක ගැන දන්නේ දැන් හුග කලකට කලින් ඉදන් නමුත් මේ ගැන දන්නේ නැති කෙනක් ට උදව්වක් විදියට තමයි මේකත් ලියන්න හිතුවේ.)

පළමු ක්‍රමය තමයි truecaller මේක ගැන ගොඩක් අය දන්නවා. – truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගැනීමෙන් පසු ඒ Phone වල තියෙන සියළුම Contacts , ඒ Contacts Save කරගෙන ඉන්න නම් වලින්ම truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා.
නොදන්නා දුරකථන අංකයක භාවිතා කරන්නාගේ නම බලාගන්න ඕනම් මුලින්ම යන්න https://www.truecaller.com වෙබ් අඩවියට.

මුලින් ම පහත රූපයේ ආකාරයට ඔබ සොයන දුරකථන අංකයට අදාළ Country Code එක තෝරන්න. ලංකාවේ දුරකථන අංකයක් නම් +94 තෝරන්න.

ඊළගට Search Number කියන තැන Country Code එක හෝ 0 නොමැතිව Number එක Type කරන්න. ලංකාවේ දුරකථන අංකයක් නම් 0 නැතුව Type කරලා ( උදා 77xxxxxxx ) පරිගනකයේ කී බෝඩ් එකේ Enter Key එක ඔබන්න.

ලොග් වෙන්න Google Account Login (Gmail) හෝ Micosoft Account Login (outlook ,hotmail ) දෙකෙන් එකක් තෝරලා truecaller වලට ලොග් වෙන්න

එතකොට Number එක භාවිතා කරන කෙනාගේ නම truecaller ලගේ Database එකේ තියෙනවනම් පහත පරිදි නම වැටෙන්න ඕනේ

දෙවැනි ක්‍රමය තමයි Facebook, Facebook එකේ උඩ තියෙන Search Box එකේ ඔයාට භාවිතා කරන කෙනාගේ නම සොයාගන්න ඕනේ Number එක Type කරලා Search කරන්න. ඒ අංකය භාවිතා කරන කෙනා Facebook ගිණුමක් ඒ Number එකෙන් හදලා තිබුනොත් Search Result එකේ ඒ Profile එක පෙන්වයි.

ස්තුතිය.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *