VestaCP හි PHP Settings වෙනස් කරන්නේ කෙසේද?

අද කියලා දෙන්නේ Vestacp Panel එකේ පහසුවෙන් PHP Settings වෙනස් කරගන්නා ආකාරය පිළිබඳවයි. ඔබට බොහෝ විට ඔබේ Vestacp Server එකේ php Settings වෙනස් කරගන්න අවශ්‍ය වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස ඔබට memory_limit, upload_max_filesize , max_execution_time , max_input_time , post_max_size ආදිය සඳහා අගයන් වෙනස් කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේ පොස්ට් එකෙන් අද මම කියලා දෙනවා. Vestacp Panel එකේ පහසුවෙන් PHP Settings වෙනස් කරගන්නා ආකාරය.

1. Vestacp Panel එකට ලොග් වෙලා Menu එකේ Server මත ක්ලික් කරන්න.

2. nginx ඉදිරියෙන් ඇති configure ඔබන්න. ( nginx ලගට ඔබේ Mouse එක රැගෙන යන්න එතකොට මෙම Buttion එක දිස්වේ)

3. ඊළගට configure php.ini ක්ලික් කරන්න.

4. දැන් ඔබට Basic PHP Settings පෙනෙනු ඇත මෙහිදී ඔබට වැඩිපුරම භාවිතා කරන PHP Settings වෙනස් කළ හැක

5. පිටුව යට Advanced Options නමින් Link එකක් ඇත ඔබත් වෙනත් php settings වෙනස් කිරිමට අවශ්‍ය නම් එය ඔබන්න.

6. Advanced Options ක්ලික් කළාට පසු වෙනම පිටුවක මෙසේ දිස් වේ

Basic හෝ Advanced php Settings වෙනස් කිරීමෙන් පසු Save කිරීම සදහා පිටුවේ පහල ඇති Save Buttion එක කලික් කරන්න.

ඔබ කැමති නම් ඔබට command line වලින් ද PHP Settings වෙනස් කරන්න පුළුවන්. ඒ සදහා ඔබ කැමති text editor (vi, nano etc) එකක් භාවිතා කරන්න.

උදාහරණ වශයෙන් (මම භාවිතා කළේ nano text editor එක) :

nano /etc/php/7.2/apache2/php.ini

මේ සම්බන්ධයෙන් ඔබට මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *