අක්‍රීය වුනු ෆේස් බුක් ගිණුමක් නැවත සක්‍රීය කරගන්නා ආකාරය

ඔබේ ෆේස්බුක් ගිණුම අක්‍රීය කර ඇත්තම්, ඔබ ෆේස් බුක් ගිණුමට පිවිසීමට උත්සහා කරන විට (පහත Screenshot එක ආකාරයේ) විශේෂ පණිවුඩයක් දැක ගන්න පුළුවන්.

ඔබේ ෆේස් බුක් ගිණුම නැවත සක්‍රීය කර සදහා, පහත Screenshot එකහි මම සලකුණු කර ඇති තැන (here ක්ලික් කළා නම් හරි) ක්ලික් කරන්න

ඊළගට submit an appeal ක්ලික් කරන්න.

දැන් ඔය Contact form එක පුරවන්න ඕනේ.

Login email address or mobile phone number – මෙතනට ඔබ ෆේස් බුක් ගිණුම හදපු Phone Number එක හෝ E-mail Address එක Type කරන්න. Phone Number එක දෙනවා නම් 0 වෙනුවට +94 දෙන්න (උදා – +9477XXXXXXX)

Your full name – මෙතනට ඔබේ ෆේස් බුක් ගිණුමේ නම තියෙන විදියටම Type කරන්න. ඒ වගේම ඔබේ ජාතික හැදුනම්පතේ , ගුවන් ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ තියෙන නම තියෙන්නේ ඕනේ එහෙම නැතිනම් ඔබේ ෆේස් බුක් ගිණුම ඔබට නැවත ලබා ගන්න බෑ.

Your ID(s) – මෙතනට ඔබේ ඔබේ ජාතික හැදුනම්පතේ , ගුවන් ගමන් බලපත්‍රයේ , රියදුරු බලපත්‍රයේ Scan කරලා ගත්තු Copy එකක් JPEG format එකෙන් Save කරලා Upload කරන්න ඕනේ. ( ලග Scanner එකක් නැතිනම් කොමිනිකෙශ්න් එකකට ගියත් වැඩේ කරගන්න පුළුවන්) ජාතික හැදුනම්පත සිංහලෙන් තිබුනට කමක් නෑ එකත් යවන්න පුලුවන්. මම යැව්වේ ජාතික හැදුනම්පත මගේ ෆේස් බුක් ගිණුම නම් නැවත සක්‍රීය උණා.

Additional info – මේක ගොඩක් වැදගත්, මෙතනින් ඔබේ ෆේස් ගිණුම නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න ඒ වගේම ජාතික හැදුනම්පතේ , ගුවන් ගමන් බලපත්‍රයේ , රියදුරු බලපත්‍රය යවනවා නම් මේ ඔබ යවන හැදුනම් පතේ නම් ලියලා ශ්‍රීලංකාවේ රජයෙන් නිකත් කළ හැදුනම් පතක් මේ සමග අමුණා ඇත කියලා සදහන් කරන්න. (මේ සියළු දේ English වලින් Type කරන්න English බැරිනම් Google translate එකේ සිංහලෙන් Type කරලා English වලට translate කරගන්න https://translate.google.lk/#si/en/ )

ඊලගට Send ඔබන්න.

එචරයි.

ඔබේ ෆේස් බුක් ගිණුම නැවත සක්‍රීය වෙන්න මාසයක් හෝ ඊට අඩු, වැඩි කාලයත් ගත් වෙන්න පුළුවන් මගේ ගිණුම නම් මාසයක් වගේ යනකොට සක්‍රීය උණා.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *