Lubuntu 14.04 LTS වල සිංහල Type කරන ආකාරය

Lubuntu වල සිංහල බලන්න පුලුවන් උනාට සිංහල Type කරන්න බැහැ. ඔය Google Input Tool Plugin එක Google Chrome වලට දාලනම් සිංහල Type කරන්න පුලුවන් හැබැයි මම කියන්නේ ඒ විදිය ගැන නොවේ. මම කියන්නේ English Type කරනවා වගේ keyboard එකෙන් Sinhala Type කරන්න බැහැ කියලයි එකට Lubuntu වල මෘදුකාංගයක් Install කරලා අවශ සැකසීම් සකස් කර ගන්න වෙනවා. අන්න ඒ ටික කර ගන්න හැටි මම කියලා දෙන්නම්.

මුලින්ම keyboard එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න. ඊට පස්සේ පහත commands ටික එකේ Type කරලා Enter ඔබන්න

sudo apt-get update

sudo apt-get install ibus ibus-m17n

දැන් පරිගණකය Reboot කරගන්න.

ඊළගට අය keyboard එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් පහත command එක ගහන්න.

ඊළගට මේ command එක Type කරන්න.

ibus-setup

එතකොට පහත රුපයේ වගේ Window එකක් එයි එකේ Input Method ඔබන්න.

දැන් පහත රුපයේ පරිදි Input Method වලින් සිංහල යතුරු පුවරුව add කරගන්න. (මතක ඇතුව සිංහල යතුරු පුවරුව තොරනකොට විජේසේකර යතුරු පුවරුව තෝරලා add කරගන්න )

දැන් Terminal එකේ CTRL + Space ගැහුවාම සිංහල On වෙනවා. off කරගන්න ඕනම් සැරයක් CTRL + Space ගැහුවාම හරි

 ස්තුතිය.

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *