Namesilo.com වලින් Domain Name එකක් මිල දී ගන්නේ මෙහෙමයි

සුභ දවසක් හැමෝටම.! මන් අද කියලා දෙන්නේ Namesilo.com වෙබ් අඩවියෙන් Domain Name එකක් මිල දී ගන්නා ආකාරය පිලිබදවයි. Namesilo කියන්නේ අඩු මිලට Domain Name ගන්න පුලුවන් හොද විශ්වාසවන්ත Company එකක්. අනිකුත් Domain Name ලියාපදිංචි කරන Company එක්ක බලනකොට ලාබම, පැය 24 පුරා 365 දවසෙම හොද customer service එකක් දෙන Company එකක් Namesilo කියන්නේ. namesilo.com වලින් ගන්න සෑම Domain එකටම privacy protection එකත් free දෙනවා. වෙනත් Domain ලියාපදිංචි කරන Company වලනම් privacy protection එකත් අමතර මුදලක් ගෙවලා ගන්න වෙනවා.

මේකේ .com Domain Name එකක් හැම අවුරුද්දේ ම $ 9 වගේ මිලකට ලබා ගන්නත් Renew කරන්නත් පුළුවන්. .info වගේ එකක් $ 2.99 , .net 11.79 , .org $ 8.88 පමණ වෙනවා සියළුම Domain Name වල මිල ගනම් මේ Link එකට ගිහිල්ලා බලාගන්න පුළුවන් https://www.namesilo.com/pricing

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

Namesilo.com වෙබ් අඩවියෙන් Domain Name එකක් මිල දී ගන්නා ආකාරය

මුලින් ම https://www.namesilo.com වෙබ් අඩවියට ගිහිල්ලා Enter Your Domain Name කියන තැන ඔබට මිල දී ගන්න උවමනා නම සදහන් කරලා Search කරන්න.

ඊළගට මිල දී ගන්න උවමනා Domain Name එක ඉදිරියෙන් ඇති Add ඔබන්න.

ඊළගට Checkout ඔබන්න.

ඊලග ටික කියලා දෙන්න ලේසි වෙන්න No දැම්මා

1. Service Link: default තියන්න හරින්න
2. NameServers: මේක තමයි වැදගත් ඔයා Web Hosting මිල දී ගන්නකොට Web Hosting Company එකෙන් දෙනවා Name Servers ඒවා මෙතට ඇතුළු කරන්න.
3.Auto-Renew: Domain එක අරගෙන හරියටම අවුරුද්දකින් exp වෙනවා නියමිත දිනයට, Auto Renew වෙන්න උවමනා නම් Yes දෙන්න ( නියමිත දිනයට මේකට මුදල් ගෙවන කාඩ් එකට අදාළ ගිණුම මුදල් තියෙන්න ඕනේ) No දුන්නොත් ඔයාට ඊලග අවුරුද්දේ අදාල දිනයට පෙර namesilo Account එකට ලොග් වෙලා Renew කරගන්න වෙනවා.
4.Privacy Setting: ඔයාගේ Domain එක ලියාපදිංචි කරන විස්තර වෙනත් අයට බලන්න පුළුවන් ඒවා වෙන අයට නොපෙන්වා ඉන්න ඕනම් Whois Privacy තෝරන්න. (මේ සේවාව වෙනත් Domain ලියාපදිංචි කරන Compnay වල ෆ්‍රී දෙන්නේ නෑ)
5.Set all years to : අවුරුදු කිහිපයකට එක පාර මුදල් ගෙවනවා නම් මෙතනින් අවුරුදු ගාන තෝරන්න. අවුරුදකට ගන්නවා නම් කිසිම දෙයක් තෝරන්න අවශ්‍ය නෑ
6. Coupon or Promotion Code තිබුනොත් ඔයාට මේ Domain එකේ මිල ටිකක් අඩු කරගන්න පුළුවන් එහෙම එකක් තියෙනවා නම් ඇතුළු කරන්න. එහෙම එකක් නැතිනම් හිස්ව තියෙන්න එතන.

ඊළගට Continue –> ඔබන්න.

ඊළගට Namesilo වෙබ් අඩවියේ ඔබට ගිණුමක් තිබේ නම් එයට ඇතුළු වෙන්න. ගිණුමක් නැතිනම් අදාළ තොරතුරු ලබා දීලා ගිණුමක් සාදා ගන්න.

ඊළගට තියෙන්නේ මුදල් ගෙවන්න Visa/Master Debit Card එකක් නම් තියෙන්නේ උඩම එකට ක්ලික් එකක් දාන්න. (මුදල් ගෙවන debit card එකේ කලින් අන්තර්ජාල ගෙවීමක් කරලා නැතිනම් මුලින්ම Card එකේ Online Payment සක්‍රීය කරලා ද කියලා තහවරු කරගෙන ඉන්න නැත්තම් ගෙවීම කරන්න බැරි වෙන්න පුළුවන්)

Card එකකින් මුදල් ගෙවනවා කියලා තෝරා ගත්තා. Billing Details ටික පුරවලා NameSilo ලගේ Terms and Conditions ටික කියවලා I accept the NameSilo.com එකට ක්ලික් එකක් දාලා Place My Order ඔබන්න. දැන් ඔයාගේ Domain එක ඔයාට ලබෙයි එ වගේම Namesilo Account එක වෙත යයි.

දැන් Domain එක අරගෙන ඉවරයි .!

Domain Name එකේ Name Servers මාරු කරගන්නා ආකාරය හා Renew කරගන්නා ආකාරය මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම්.

ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න.

මේ Post ටිකත් බලන්න වැදගත් වෙයි :

NameSilo වලින් ගත්ත Domain එකක Name Servers මාරු කරගන්නා ආකාරය දැනගන්න මේ පොස්ට් එක බලන්න.
https://lktips.com/2020/03/09/how-to-update-your-nameservers-at-namesilo/

NameSilo වලින් ගත්ත Domain එකක් Renew කරගන්නා ආකාරය දැනගන්න මේ පොස්ට් එක බලන්න
https://lktips.com/2020/03/09/namesilo-domain-manual-renew/

ස්තුතිය.!

Add a Comment

Your email address will not be published. Required fields are marked *