Namesilo.com හි Domain Name එකක් Renew කරගන්නේ කොහොමද ?

මම කලින් පොස්ට් එකකින් කියලා දුන්නා Namesilo වලින් කොහොමද කියලා Domain Name එකක් මිල දී ගන්නේ එ ලිපිය බලපු නැති කෙනක් නම් මෙතන ඔබලා එ පොස්ට් එක බලන්න. අද මන් කියලා දෙන්නේ Namesilo වලින් ගත්ත Domain එකක් Manual Renew කරගන්න ආකාරය පිලිබදවයි.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

Namesilo වලින් ගත්ත Domain එකක් Manual Renew කරගන්නා ආකාරය

මුලින් ම Namesilo Account එකට ලොග් වෙලා Manage My Domains යන්න.

ඊලගට Domain Name එක මත ඔබන්න

ඊළගට යනවා Domain Console එකට එකේ Renew ඔබන්න.

ඊලගට ටිකට අංක දැම්මා

1. Renew කරන වර්ෂ ගාන තෝරන්න (උදා – අවුරුදු දෙකක් නම් 2 තෝරන්න) තවත් අවුරුද්දක් සදහා Renew කරනවා නම් මේක තෝරන්න උවමනාවක් නෑ.

2. Coupon or Promotion Code තිබුනොත් ඔයාට මේකේ මිල ටිකක් අඩු කරගන්න පුළුවන් එහෙම එකක් තියෙනවා නම් ඇතුළු කරන්න. එහෙම එකක් නැතිනම් හිස්ව තියෙන්න එතන.

දැන් Continue –> ඔබන්න.

ඊළගට Stored Billing Profiles වලින් ඔයා Domain එක ගානකොට ගෙවපු Card Number එක තෝරලා I accept the NameSilo.com Terms & Conditions වලට ක්ලික් එකක් දාලා Place My Order ඔබලා Renew කරගන්න. අළුත් Debit Card එකකින් ගෙවීම කරනවා නම් New Payment Options වලින් අදාළ ගෙවීම ක්‍රමය තෝරලා Rnew කරගන්න.

පොස්ට් එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා නම් Comment කරලා අහන්න මන් උදව් කරන්නම්

ස්තුතිය

Add a Comment

Your email address will not be published. Required fields are marked *