Ubuntu මෙහෙයුම් පද්ධතියට Cinnamon Desktop Environment එක Install කරගන්නා ආකාරය

මේ Cinnamon Desktop Environment එක Linux Mint වලට හදපු එකක්, Linux Mint වල Cinnamon Edition එකේ එන්නේ මේක හැබැයි මේක Ubuntu හෝ Debian මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදපු ඕනම OS එකකට Install කරන්න පුලුවන්. මමනම් මේක දැම්මේ Xubuntu මෙහෙයුම් පද්ධතියටයි. Windows වලට ආස අයට හොදම DE එක මේක කියලා මම හිතනවා. මොකද මේක Windows වල ඉන්ටර්ෆේසස් එකට සමාන කමක් පෙන්වනවා. ඒ වගේම මේක දාන්න මගේ ඉන්ටනෙට් පැකේජ් එකෙන් මට වැය උනේ Mb 60 පමණයි

ඔය පහත තියෙන්නේ අන්තර්ජාලයෙන් ලබා ගත් Cinnamon DE එකේ screenshot කිහිපයක්

හරි මම දැන් Cinnamon DE කරගන්න ආකාරය කියලා දෙන්නම්.

මුලින් ම කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරගන්න. ඊට පස්සේ එකේ පහත commands දෙක Type කරලා Enter ඔබලා Install කරගන්න.

sudo add-apt-repository ppa:lestcape/cinnamon

sudo apt-get update && sudo apt-get install cinnamon

හරි ඔය ඔය උඩ commands දෙක Type කරලා ඔකොම Install උනාට පස්සේ ඔයා Pc එකෙන් ලොග් අවුට් වෙන්න නැත්තම් Pc එක රීස්ටාර්ට් කරල හරි ගන්න ඊට පස්සේ Ubuntu වලනම් පහත විදියට මාරු කරගන්න.

අනිත් OS වලත් ලොග් වෙන තැන DE එක මාරු කරගන්න ලොග් වෙන තැන මොකක් හරි Iocn එකක් ඇති ඒක ඔබලා පහසුවෙන් මාරු කරගන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *