Vestacp වල FTP Account / E-mail Account / Database සාදා ගන්නා ආකාරය

මම කලින් Vestacp Web Hosting Control Panel එක VPS එකක Install කරගන්න ආකාරය ගැන පොස්ට් එකක් පළ කළා ඒ පොස්ට් එක  බලපු කෙනක් ඉල්ලලා තිබුණා ලගදි Vestacp වල FTP Account / E-mail Account / Database සාදා ගන්නා ආකාරය ගැනත් පොස්ට් එකක් දාන්න කියලා ඉතින් අද පොස්ට් එකෙන් එ ගැන තමයි මන් කියලා දෙන්නේ.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

Vestacp වල FTP Account එකක් සාදා ගන්නා ආකාරය

1.පහත රුපයේ පරිදි Web ක්ලික් කරලා Domain එකේ ඉදිරියෙන් ඇති Edit මත ඔබන්න.

 

2. Additional FTP වලට ක්ලික් එකක් දාන්න

3. ඊළගට

රුපයේ 1 ලෙස ඇති තැනට කැමති Username එකක් ලබා දෙන්න මේක තමා ඔයාගේ FTP Username එක

රුපයේ 2 ලෙස ඇති තැනට කැමති මුරපදයක් ලබා දෙන්න

රුපයේ 3 ලෙස ඇති තැන හිස්ව තියන්න

රුපයේ 4 ලෙස ඇති තැනට E-mail එක ලබා දෙන්න (මෙතනින් වෙන්නේ ඔයාගේ FTP Account එකේ Username/Password එකයි E-mail එකට යවන එක)

ඊළගට Save ඔබන්න දැන් FTP Account හදාගෙන ඉවරයි.

E-mail Account එකක් සාදා ගන්නා ආකාරය

1. පහත රූපයේ පරිදි E-mail මත ඔබලා Add Account මත ඔබන්න

2. ඊළගට

රුපයේ 1 ලෙස ඇති තැනට E-mail Account එකේ Username එක ලබා දෙන්න

රුපයේ 2 ලෙස ඇති තැනට E-mail Account එකේ මුරපදය ලබා දෙන්න

රුපයේ 3 ලෙස ඇති තැනට වෙනත් භාවිතා කරන E-mail ලිපිනයක් ලබා දෙන්න (මෙතනින් වෙන්නේ ඔයාගේ E-mail Account එකේ Username/Password එකයි E-mail එකට යවන එක)

ඊළගට Save ඔබන්න

E-mail Account එකට ලොග් වෙන්න https://your-vps-IP/webmail/ යන්න

Database එකක් සාදා ගන්නා ආකාරය

1. පහත රූපේ පරිදි DB මත ඔබලා කොළ පාටින් තියෙන + ලකුණ මත ඔබන්න

2. ඊළගට

රුපයේ 1 ලෙස ඇති තැනට Database එකේ Name එක Type කරන්න

රුපයේ 2 ලෙස ඇති තැනට Database එකේ Username එක Type කරන්න

රුපයේ 3 ලෙස ඇති තැනට Database එකේ මුරපදය Type කරන්න

රුපයේ 4 ලෙස E-mail ලිපිනය ලබා දෙන්න (මෙතනින් වෙන්නේ ඔයාගේ Database එකේ Name/Username/Password E-mail එකට යවන එක)

ඊළගට Save මත ඔබන්න.

ඔබට Vestacp සම්බන්ධයෙන් මොනවා හරි ගැටළුවක් තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මන් උදව් කරන්නම්.

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *