Vestacp වලට File Manger එක Free ලබා ගන්නා ආකාරය

Vestacp වල File Manager Free දෙන්නේ නෑ මාසයක් සදහා $ 3 Pay කරලා Licence key එක ගන්න ඕනේ නැතිනම් $ 50 ගෙවලා ජිවිත කාලය සදහා ම Licence Key එක ගන්න වෙනවා.

මන් කියන්න යන්නේ ඔය ක්‍රම දෙකම නැතුව File Manager එක Free ගන්න පුළුවන් ක්‍රමයක් මේක හැබැයි හොර වැඩක් නමේ. Vestacp එකෙන් developers සදහා දීලා තියෙනවා Free භාවිතා කරන්න පුළුවන් Licence Key එකක් මේ Key එක භාවිතා කරලා Vestacp වලට File Manager Free දාගන්න පුළුවන්.

මුලින් ම Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න
Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
Password එකට root Password එක Type කරන්න

ඊළගට මේ Free Licence Key එක /usr/local/vesta/conf/vesta.conf ගොනුවට ඇතුළු කරන්න වෙනවා ඒ සදහා පහත Command එක භාවිතා කරන්න.

nano /usr/local/vesta/conf/vesta.conf

ඊළගට /usr/local/vesta/conf/vesta.conf ගොනුවේ පහතින් ම පහත Line එක එකතු කරලා Save කරන්න.

FILEMANAGER_KEY=’ILOVEREO’

ඊලගට Vestacp එකට ලොග් වෙලා බලන්න File Manager එක ඇවිල්ලා ඇති

මේ විදියට File Manager එක Free ගත්තා ම පැය 24කින් Vestacp එකෙන් File Manager එක අයින් වෙනවා. අයෙත් ඕනම් කලින් කරපු විදියටම Licence Key එක එකතු කරලා ගන්න පුළුවන්.

මේ සම්බන්දව ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්.

4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *