Yandex Mail වලින් ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපින 1000ක් නොමිලේ සාදා ගන්නා ආකාරය.

සුභ දවසක් හැමෝටම.! මම අද කියලා දෙන්නේ Yandex Mail වලින් [email protected] වැනි ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයක් සාදා ගන්නා ආකාරය පිලිබදවයි. මම කලින් Zoho Mail වලින් ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයක් නොමිලේ සාදා ගන්නා ආකාරය ගැන පොස්ට් එකක් ලිව්වා ඒ පොස්ට් එක නොබැලු කෙනක් නම් මෙතන ඔබලා බලන්න.  Zoho Mail වල විද්යුත් තැපැල් ගිණුම් 25 නොමිලේ සාදන්න පුලුවන් නමුත් Yandex Mail වල නොමිලේ විද්යුත් තැපැල් ගිණුම් 1000 සාදන්න පුළුවන්.

සමහර විට විද්යුත් තැපැල් ගිණුම් 10, 20 හෝ 50 ක් ඔබේ ව්‍යාපාරයට හෝ සංවිධානයට ප්‍රමාණවත් නොවන්න පුළුවන්. නමුත් මුදල් ගෙවලා වැඩි ඊමේල් ගිණුම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් උනත් එයට ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන් ඒක නිසා ඔබට Yandex Mail ඔබට හොද විසදුමක් වෙන්න පුළුවන්.

Yandex කියන්නේ ලොකයේ 4 වන විශාලතම සෙවුම් යන්ත්‍රය. එය රුසියාවේ වඩාත්ම ජනප්‍රිය විද්යුත් තැපැල් සේවාව හා සෙවුම් යන්ත්‍රය වෙනවා. ඒක නිසා Yandex විද්යුත් තැපැල් සේවාව විශ්වසනීයයි. ඔබට සියගණනක් හෝ දහස් ගණන් ගිණුම් වලට සම්පූර්ණ නිදහස් විසඳුමක් අවශ්ය නම්, මෙය හොඳම විසඳුමක් වෙන්න පුළුවන්.

Yandex mail Features :

Number of users 1 to 1000
10 GB for every user
Alias domains
POP3, SMTP, IMAP support
DNS editor

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting , VPS , E-mail Hosting ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

1.මුලින් ම http://mail.yandex.com ගිහිල්ලා සාමාන්‍ය [email protected] වැනි Yandex Mail එකක් සාදාගෙන එයට ලොග් වෙන්න.

2.ගිණුමට ලොග් උනාට පස්සේ මේ ලිපිනයට ගිහිල්ලා @ වලට ඉදිරියෙන් තියෙන කොටුවේ ඔයාගේ Domain Name එක Type කරලා Connect Domain ඔබන්න. https://domain.yandex.com/domains_add/

3.ඊලගට Domain Name එක Verify කරන්න වෙනවා, html ගොනුව Upload කරලා හරි Cname record එකක් හදලා හරි Check domain ownership මත ඔබලා Domain Name එක Verify කරගන්න. – Cname record එකක් හදලා Domain Name එක Verify කරන එක ගොඩක් පහසුයි ඒක නිසා මම භාවිතා කරේ මේ ක්‍රමය.

4.ඊළගට MX Record එකක් සාදලා Verify MX records මත ඔබන්න

  Name  Type of record   Priority            Host
    @           MX      10    mx.yandex.net

ඊළගට SPF record එකක් සාදන්න

   Name          Type of record                    Host
      @                  TXT  v=spf1 redirect=_spf.yandex.net

5.Domain Name එක Verify කරලා MX Record එක සෑදීමෙන් පසු, මුරපදයකින් නව විද්යුත් තැපැල් ගිණුමක් නිර්මාණය කිරීමට ඒවී ඒකට ඔබට කැමති Username , Password එකක් දීලා විද්යුත් තැපැල් ගිණුම සකසා ගන්න.

තව විද්යුත් තැපැල් ගිණුම සකසා ගන්නවනම් Add mailbox මත ඔබලා කරගන්න පුළුවන්

6.දැන් ඔය ගිණුමෙන් Logout වෙලා https://mail.yandex.com වෙත ගිහින් ඔබ කලින් සාදපු [email protected] ව්‍යාපාරික විද්‍යුත් තැපැල් ලිපිනයට ලොග් වෙලා. භාවිතා කරන්නා ගේ සරල තොරතුරු ටික පුරවලා Complete registration මත ඔබලා ඔබේ Yandex විද්‍යුත් තැපැල් ගිණුමට ලොග් වෙන්න පුළුවන්.

දැන් Yandex ව්‍යාපාරික විද්‍යුත් තැපැල් ගිණුම සාදාගෙන ඉවරයි.

                                                                 ——————

SMTP , POP , IMAP සක්‍රිය කර ගන්න ඕනම් All Settings > Message filtering > Email clients ගිහිල්ලා Select/Deselect all මත ඔබලා Save Changes ඔබන්න.

මෙන්න තියෙනවා Yandex mail Servers –

mail server address — pop.yandex.com
connection security — SSL
port — 995

mail server address — smtp.yandex.com
connection security — SSL
port — 465

mail server address — imap.yandex.com
connection security — SSL
port — 993

E-mail Forward කරගන්න ඕනම් All Settings > Message filtering ගිහිල්ලා Create filter ඔබන්න.

කියලා දෙන්න ලේසි වෙන්න අංක දැම්මා

රුපයේ 1 ලෙස තියෙන තැන තියෙන X ලකුණ ඔබලා එතන තියෙන කොටුව Close කරගන්න.

රුපයේ 2 ලෙස තියෙන Forward to තැනට ටික් එකක් දාලා ඒ ඉදිරියෙන් තියෙන කොටුවේ E-mail Forward කරලා යවන E-mail Address එක Type කරලා යට තියෙන Create filter ඔබන්න දැන් confirm කරගන්න Password එක අහවි ඒකට ඔබේ Yandex ගිණුමේ Password එක දෙන්න. දැන් ඔබ අර කොටුවට ලබා දුන් E-mail Address එකට E-mail එකක් ඇවිල්ලා ඇති එකේ තියෙන Link එක ක්ලික් කරලා නැවත ඒ Link එක හරහා Yandex ගිණුමට ලොග් උනානම් Forward පහසුකම සක්‍රීය වේවි.

පොස්ට් එක සම්බන්ධව ගැටළු තියෙනවා නම් Commnet එකක් මාර්ගයෙන් අහන්න

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *