Skrill ගිණුමක් සාදා ගන්නා ආකාරය

Skrill කියන්නේ e wallet එකක් ඒ කියන්නේ Paypal වගේ අන්තර්ජාල මුදල් රදවා තියාගන්න පුළුවන් ගිණුමක්. Skrill වල තියෙන සල්ලි අපිට පුළුවන් ලංකාවේ ඕනෑම බැංකුවට ගෙන්න ගන්න ඒ වගේම Ez Cash හරහා Skrill ගිණුමේ තියෙන සල්ලි ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නේ Skrill ගිණුමක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිලිබදවයි.

මුලින් මෙතනට ගිහිල්ලා https://account.skrill.com/signup කැමති E-mail Addresss එකක් හා Password එකක් දීලා Next ඔබන්න.

ඊළගට ඔබේ නම සහ උපන්දිනය පාස්පෝට් එකේ හරි ලයිසන් එකේ හරි තියෙන විදියට නිවැරදිව ඉංග්‍රීසි වලින් සටහන් කරන්න. ඒවා නැත්තම් ජාතික හැදුනුම්පත විතරනම් තියෙන්නේ ඔයා බැංකු Account එක හදද්දී ෆෝම් එකේ ලියපු ඉංග්‍රීසි අකුරුම ඒ විදියට සටහන් කරලා Next ඔබන්න. අකුරු වැරදුනොත් verify කරනකොට ගැටළු එනවා ඒක නිසා නිවැරදිව ඇතුළු කරන්න.

ඊළගට ඔබ කැමති මුදල් ඒකකය තෝරාගෙන Next ඔබන්න

ඊළගට ඔබේ ලිපිනය සටහන් කරන්න ඕනේ මෙතනට ඔයාගේ ගිණුම verify කරන්න ඔයාගේ නමට එන බිල්පතක් හරි bank statement එකක් හරි ඕනේ වෙන්න පුළුවන් ඒක නිසා ඒ ලිපි ලැබෙන Address එක පුරවන්න. ඊළගට City එක Postal Code එක සටහන් කරලා Next ඔබන්න.

අවසානයේ ඔයාගේ දුරකථන අංකය ඇතුළු කරලා agreement එක කියවලා ඒකට හරියක් දාලා Open Account ඔබන්න.

දැන් E-mail ලිපිනයට ඔයාගේ verification link එකක් ඇවිල්ලා ඇති ඒක උඩ ඔබලා E-mail ලිපිනය verify කරගන්න.

ඊළගට CONTINUE TO MY ACCOUNT ඔබන්න.

ඊළගට පහත රුපයේ පරිදි Create PIN ඔබන්න ඊට පස්සේ අංක 6 යුත් කැමති PIN එකක් Type කරන්න මේ PIN එක Type කරන්න ඕනේ පරිගණකයේ function key වලට යටින් තියෙන අංක වලින් (function key කියන්නේ F1 – F12 අතර තියෙන Key වලට) ඔය PIN එක මතක තියෙන තැනක Save කරලා තියාගන්න ගනු දෙනු කරනකොට ඔය PIN එක ගහන්න එනවා. ඒක නැතිනම් ඒ ගනු දෙනුව කරන්න බෑ. PIN එක ගහලා ඉවර වෙලා Save ඔබන්න

ගිණුමට ලොග් උනාම පෙන්නේ ඔය වගේ

ගිණුම verify කරගන්න හැටි මම ඉදිරියේදී කියලා දෙන්නම්

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *