Namecheap හි Private Nameservers සකසන්නේ කෙසේද?

ඔබ Reseller Hosting පැකේජයක් හෝ VPS එකක් මිල දී ගෙන ඇතිනම් ඔබට Private Nameservers සාදා ගැනීමට අවශ්‍ය වනු ඇත. Private Nameservers එකක් යනු ඔබේ Web Hosting පැකේජයේ default nameservers වෙනුවට ඔබේම Domain එක භාවිතා කරන Nameservers වේ. උදා – ns1.yourdomain.com , ns2.yourdomain.co අද මම කියලා දෙන්නේ Namecheap හි Private Nameservers සකසන්නේ කොහොමද කියලා

1. මුලින් ම namecheap.com වෙත ගිහින් මුල් පිටුවේ ඉහතින් ඇති Sign in මත කලික් ක්ලික් කරලා ඔබේ Namecheap ගිණුමට ඇතුළු වෙන්න. 

2. Domain List ක්ලික් කරන්න

3. ඔබට Private Nameservers සකසා ගැනීමට අවශ්‍ය Domain එක තෝරාගෙන එහි Manage ක්ලික් කරන්න.

4. Advanced DNS මත ක්ලික් කරන්න 

5. ADD NAMESERVER මත ක්ලික් කරන්න. 

6. drop-down menu එක විවෘත කිරීමට Nameserver මත කලික් කරන්න.  පළමු Nameserver එක සදහා එහි NS1 තෝරන්න.  

7. IP field එක තුළ ඔබේ Primary Nameserver IP එක සදහන් කොට Done ක්ලික් කරන්න.

 

8. ඔබේ Secondary Nameserver එක එක් කිරීමට ද ඉහත 5,6,7 ක්‍රීයාවලිය නැවත කරන්න. Secondary Nameserver සදහා NS2 තෝරන්න. IP field එක තුළ ඔබේ Secondary Nameserver IP එක සදහන් කර කොට Done ක්ලික් කරන්න.

9. දැන් ඔබේ Domain එක සදහා custom private nameservers සාර්ථකව නිර්මාණය කරගෙන ඇත. ඔබ සෑදු nameservers සොයාගැනීම සදහා Search ක්ලික් කරන්න. එවිට පහත රුපයේ ආකාරයට ඔබ සෑදු nameservers ඔබට පෙන්වනු ඇත. 

10. අවසාන පියවර වන්නේ Private Nameservers භාවිතා කිරීම සදහා ඔබේ Domain එකහි  Nameservers යාවත්කාලීන කිරීමයි. මෙය කිරීම සදහා ඔබේ Namecheap ගිණුමේ Domain List Tab එක මත ක්ලික් කරලා ඔබට Nameservers යාවත්කාලීන කිරීමට අවශ්‍ය Domain එක තෝරන්න. Nameservers Tab එක මත ක්ලික් කර drop-down menu එකෙන් “Custom DNS” තෝරන්න.

 

11. මෙහිදී ඔබට “Nameserver 1” සහ “Nameserver 2” field තුළ ඔබේ Private Nameservers නම් ඇතුලත් කිරීමට අවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස, ඔබගේ පුද්ගලික නාම සේවාදායකය ns1.yourdomain.com සහ ns2.yourdomain.com නම්, අදාළ field තුළ එම නම් ඇතුළත් කර Save කිරීම සදහා ✔ ඔබන්න. DNS Propagation වීමට පැය කිහිපයක් ගත විය හැක එබැවින් ඉවසිලිවන්ත වන්න සහ ඔබේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමට පෙර පැය කිහිපයක් රැඳී සිටින්න.

ඔබ සාර්ථකව Private Nameservers සකසා ගත් පසු,  ඔබ භාවිතා කරන Web Hosting Panel එකෙහි DNS Zone Editor එකට ගිහිල්ලා ඔබේ Nameservers සඳහා A Record දෙකක් සාදන්න. මේ A Record දෙක හැදුවේ නැති උනොත් ඔබේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත.

ඔබගේ Private Nameservers සඳහා A Records දෙක සාදාගත හැකි ආකාරය :

1. ඔබේ Web hosting Panel එකට ලොග් වෙන්න 

2. DNS Zone Editor සොයා ගන්න මෙය මෙය සාමාන්‍යයෙන් Domain හෝ DNS කොටස යටතේ දක්නට ලැබේ.

3. A records සෑදීම සඳහා කොටස සොයන්න.

4.  Name field එකෙහි “ns1”  ලෙස ඇතුළු කොට IP Address field එකේහි ඔබේ Primary Nameserver එකෙහි IP ලිපිනය ඇතුළත් කිරීමෙන් පළමු A record එක සාදන්න.

5.  Name field එකෙහි “ns2”  ලෙස ඇතුළු කොට IP Address field එකේහි ඔබේ Secondary Nameserver එකෙහි IP ලිපිනය ඇතුළත් කිරීමෙන් දෙවැනි A record එක සාදන්න.

8.  ඔබේ Private Nameservers සදහා ඔබේ Hosting Panel එකෙහි DNS Zone Editor එකෙන් NS1 හා NS2 සදහා A Record දෙකක් සාර්ථකව සාදාගෙන අවසානයි. DNS Propagation වීමට පැය කිහිපයක් ගත විය හැක. එබැවින් ඉවසිලිවන්ත වන්න සහ ඔබේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමට පෙර පැය කිහිපයක් රැඳී සිටින්න.

 

දැන් ඔබ දන්නවා Namecheap හි Private Nameservers එකක් සකසා ගන්නා ආකාරය ගැන. මේ පොස්ට් එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම් ඔබට.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *