ලින්ක්ස් ගැන

ලිනක්ස් යනු යුනික්ස් හා සමාන මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි.

ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. නමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් වැඩතල මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්තකත්වයට හේතුවී ඇත.

ඉතිහාසය

වසර 1991 දී පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ලීනස් ට්‍රොවල්ඩ්ස් නම් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විශ්වවිද්‍යාලය්දී අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කලේ ඔහුගේ ගුරුවරයා වු ඇමෙරිකානු ජාතික මහාචාර්ය ඇන්ඩෘ ටැනන්බෝම් විසින් ක්‍රමලේඛ ගතකරන ලද [Unix] වැනි MINIX නමැති මෙහෙයුම් පද්ධතියයි. ඔහු මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ක්‍රමලේඛ භාවිතකරමින් සහ වැඩිදියුණු කරමින් ලිනක්ස් කර්නලය නිර්මාණය කරන ලදි. පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද එම ක්‍රමලේඛණය ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව රිචඩ් ස්ටෝල්මන්ගේ GNU Project ව්‍යාපෘතිය මඟින් නිපැයුණු වැඩසටහන් සමඟ ඒකාබද්ධ කරමින් Linux මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක විය.

විකිපීඩියා ඇසුරෙනි. Linux ගැන වැඩි දුර කියවීමට http://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A

ස්තුතිය.

Tags:
One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *