Vanilla Forum Script එකෙන් Forum එකක් සාදා ගන්නා ආකාරය

Vanilla Forum Script එකෙන් Forum එකක් සාදා ගන්න ආකාරය තමයි අද කියලා දෙන්නේ, කලකට ඉස්සර තිබුණ ගීක් එක Sinhalahelp එක වගේ වෙබ් අඩවි හදලා තියෙන්නේ මේ වැනිලා Script එකෙන් ගිය අවුරුද්දේ මමත් Vanilla forum එකක් කළා මේ Vanila Script එක භාවිතා කරලා ඒක නිසා වැනිලා ගැන අත්දැකීමක් ගන්න පුලුවන් කමක් ලැබුණා. වැනිලා සිංහලට පරිවර්තනය කළ ෆයිල් එකක් මන් ලග තියෙනවා ඒ පයිල් එකත් මේ ලිපියෙන් ඔබට දෙනවා.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

වැනිලා forum එකක් කරන්න මුලික වශයෙන් ඕන වෙනවා Domain + Hosting ඒවා ගැන මන් කියලා දෙන්න අවශ්‍ය නැහැ කියලා සිතෙනවා ඒක නිසා ඒවා ඔබට කැමති තැනකින් මිල දී ගන්න. ටෙස්ට් කරලා බලන්න විතරක් කරනවනම් මේ සදහා Free Web Hosting එකක් බාවිතා කරන්න ෆ්‍රී හොස්ටින්ග් වලට https://byet.host/free-hosting හොදයි

1.ඉසෙල්ලා මුලින් ම වැනිලා forums වෙබ් අඩවියට ගිහිල්ලා වැනිලා Script එක Download කරගන්න. http://vanillaforums.org/download වැනිලා පරණ සංස්කරණයක් Download කරගන්න ඕනම් මෙතනට යන්න. http://vanillaforums.org/addon/vanilla-core-2.0.18.13 (මම භාවිතා කලෙත් ඔතන තියෙන 2.0.18.13 සංස්කරනය මොකද අලුත් එක ටිකක් විතර අවුල්)

2.ඊලගට බා ගත්ත වැනිලා Script එක Unzip කරගන්න.

3.ඊළගට FileZilla මෘදුකාංගය Open කරගන්න. (FileZilla නැත්තම් මෙතන ඔබලා FileZilla වෙබ් අඩවියට ගිහිල්ලා Download කරගන්න) එකේ Host ,User Name, Password කියන තැන් වලට අර ගත්ත වෙබ් Hosting එකේ FTP තොරතුරු ටික දීලා Quick connect ඔබන්න. ඊට පස්සේ FileZilla එකට ටික වෙලාවකින් Connect වෙයි

4.ඊට පස්සේ FileZilla එකේ දකුණු පැත්තේ තියෙන ෆයිල් බ්‍රවුසරයකින් වෙබ් හොස්ට් එකේ තියෙන   පයිල් ටික දිස්වෙයි. එකේ public_html කියන Folder එක ඩබල් ක්ලික් කරන්න. දැන් FileZilla එකේ වම් පැත්තේ තියෙන ෆයිල් බ්‍රවුසරයෙන් පෙනෙන්නේ ඔබේ පරිගනකයේ තියෙන ෆයිල් එතනින් ඔබ Extract කරගත්ත Vanilla ෆයිල් එකක් උඩ Right click කරලා Upload කියන එක ක්ලික් කරන්න. අනෙක් file , floder සියල්ල ඉහත ආකාරයට Upload කරගන්න ඔබේ අන්තර්ජාල සම්බධතාවයේ වේගය මත Upload වෙන්න යන කාළ සීමාව රදා පවතී.

5.ඊලගට ඔබේ වෙබ් හොස්ට් එකෙන් ලැබුණ Panel එකට ගිහිල්ලා MySQL සදහා Database එකක් සාදා ගන්න. Database එක සාදන අවස්ථාවේ දී දෙන Username , Password සියල්ල කොහේ හරි සටහන් කරලා තියාගන්න ඉලගට පියවරේ දී ඒවා ඕනේ වෙනවා.

6.ඊළගට ඔබ කැමති වෙබ් බ්‍රවුසරයකින් http://www.yourdomain.com/index.php?p=/dashboard/setup කියන ඇඩ්ස් එකට යන්න. එතකොට පහත රුපයේ වගේ තැනක් එයි එහි Database Host , Database Name , Database User , Database Password වලට ඔබ සාදා ගත් MySQL Database එකේ තොරතුරු ලබා දෙන්න. Application Title (සයිට් එකේ නම ), Admin Email , Admin Username , Admin Password , Confirm Password ඔන්න ඔය ටික දීලා ඊලගට Countine ඔබන්න.

දැන් වැනිලා forum එක හදා ගෙන ඉවරයි. දැන් කියලා දෙන්නම් සිංහලට පරිවර්තනය කර ගන්න ආකාරය.

1.මුලින් ම මෙතනට ගිහිල්ලා baseline zip ෆයිල් එක Download කරගන්න. http://code.lktips.com/Download/baseline-locale-1-0-1b.zip

2.ඊළගට සිංහල ට පරිවර්තනය කළ ගොනුව Download කරගන්න මෙතනට යන්න. http://code.lktips.com/Download/Vanilla-Sinhala-Translation-master.zip

3.ඊළගට අර Download කර ගත්ත baseline zip එක Unzip කරගන්න. එතකොට ලැබෙනවා baseline-locale-1-0-1b කියලා ෆයිල් එකක් එකේ ඇතුලේ තියෙනවා Baseline කියලා ෆයිල් එකක් ඒක Open කරගන්න.

දැන් Baseline ෆයිල් එකේ ඇතුලේ තියෙනවා .php ෆයිල් 3ක් ඒවාගෙන් captured.php එක මකලා දාන්න. ඊට පස්සේ Baseline ඇතුලට මා දුන් සිංහල පරිවර්තනය කළ captured.php දාගන්න.

4.ඊළගට Filezilla බාවිතා කරලා පෙර පරිදි වගේම Public_html file එක ඩබල් ක්ලික් කරන්න මවුස් එකෙන්. එකේ ඇතුලේ තියෙනවා locales කියලා ෆයිල් එකක් එකත් මවුස් එකෙන් ඩබල් ක්ලික් කරන්න කරලා අර Baseline ෆයිල් එක locales එක ඇතුලට Upload කරගන්න.

5.දැන් යන්න ඔබේ වැනිලා සයිට් එකේ Dashboard එකට එකේ සයිඩ් බාර් එකේ තියෙනවා. Addons යටතේ Locales කියලා එකක් (රුපය පරිදි) ඒක ඔබන්න.

6.දැන් Locales වල ඇති Baseline Locale කියලා Language pack එකක් ඒක Enable කළ ගමන් ඔයාගේ වැනිලා සයිට් එක සිංහල වෙනවා. ඊට පස්සේ සයිට් එකේ Homepage එකට ගිහින් බලන්න හැම දේම සිංහල වෙලා ඇති.

Vanila Forum එකට ඕන වෙන සියලුම Plugin මෙතන තියෙනවා. http://vanillaforums.org/addons

Themes මෙතන තියෙනවා http://vanillaforums.org/addon/browse/themes/recent/2/

Themes හරි නැත්තම් ඉතින් මේ වගේ තැනකින් සල්ලි දීලා හොද එකක් අරගෙන දාගන්න පුලුවන්. http://www.vanillaskins.com නැත්තම් ඉතින් Github.com එකේ වගේ Search එකක් දාලා බලන්න හොද එකක් හොයා ගන්න පුලුවන් වෙයි.

මේ ලිපිය ගැන ගැටළු තියෙනවනම් අහන්න උදව් කරන්න පුලුවන් මට.

Tags:
3 Comments