WordPress වලින් Auto Blog බ්ලොග් එකක් හදමු

අද මම කියලා දෙන්නේ WordPress වලින් Auto බ්ලොග් එකක් සාදා ගන්නා ආකාරය ගැනයි. Auto Blog එකක් කියන්නේ ස්වයංක්‍රියව ලියවෙන බ්ලොග් එකකට. වෙන කෙනක් ලියන දේවල් උපුටා අරගෙන එයාලගේ බ්ලොග් වල දාගන්න අය ඉන්නේ ඒ අයට වැඩේ ස්වයංක්‍රියව කරගන්න පුළුවන් Auto Blog එකක් හදා ගත්තොත්. ඒ කියන්නේ Copy/Paste කර කර ඉන්න ඕනේ නැහැ Auto Blog එකක් හදලා ඔයාට උපුටා ගන්න ඕනේ බ්ලොග් වල Address ටික Add කරන්න විතරයි තියෙන්නේ ඔයාගේ Auto බ්ලොග් එකට එතකොට අර Add කරපු බ්ලොග් අඩවි වල නව ලිපියක් ලියලා Publish කර හැටියේ ඒ ලිපියේ තියෙන ජායාරූප , වීඩියෝ එක්කම ඔයාගේ Auto බ්ලොග් එකෙත් ස්වයංක්‍රීයව පළ වෙනවා.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

WordPress වලින් Auto Blog එකක් සාදා ගන්නා ආකාරය.

1.මුලින් ම ඔබේ Hosting පැකේජ්යේ WordPress ස්ථාපනය කරගැනීමට සිදු වෙනවා. WordPress Install කරන ආකාරය මෙතන තියෙනවා

2.ඊළගට ඔබේ WordPress බ්ලොග් එකේ Admin Panel එකට ලොග් වෙලා Plugin > Add New වෙත යන්න.

3.Add Plugin වල තියෙන Search Box එකේ Feedwordpress යන්න Search කර Feedwordpress Plugin එක ස්ථාපනය කරගන්න.

* ඊළගට Active ඔබලා Plugin එක සක්‍රිය කරගන්න.

4.ඊළගට Synication වල Post & Links වෙත යන්න

* ඊළගට Post & Links වල Links යටතේ තියෙන ‘Permalinks point to:’ ඉදිරියෙන් තියෙන ‘The local copy on this website’ ක්ලික් කරන්න.

* ඊළගට Post & Links වල Links යටතේ තියෙන ‘Posts from aggregator feeds:’ ඉදිරියෙන් තියෙන ‘Give the original source of the post as the source, not the aggregator.’ ක්ලික් කරන්න.

* ඊළගට Post & Links වල Comments & Pings යටතේ තියෙන Comments: වලින් Allow comments on syndicated posts ක්ලික් කරන්න. ( ඔබට Comment සක්‍රිය කර ගැනීමට අවශ්‍යනම් පමණක් මෙය කරන්න)

* ඊළගට Save Changes ඔබලා Save කරන්න.

5.ඊළගට Synication වල Authors යන්න.

* Authors වල Syndicated Author යටතේ Unmatched authors ඉදිරියෙන් තියෙන dropdown menu එකෙන් ‘Will have their posts attributed to admin’ තෝරන්න

( මෙය එසේ නොකලොත් වෙන්නේ සයිට් එක ඇතුලේ ඒ ඒ බ්ලොග් වල Post ලියන අයගේ නම් වලින් User Accounts හැදිලා Auto, Post එකේ Post Authors වලට ඒ නම් පෙනීමයි)

* ඊළගට Save Changes ඔබලා Save කරන්න.

6.ඊළගට Synication වල Feed and Update යන්න

* Feed and Update Settings වල Upadate Scheduling යටතේ තියෙන update ඉදරියෙන් ඇති dropdown menu එකෙන් ‘automatically check for updates before pages load’ තෝරලා Save කරන්න.

7.අවසානයේ Synication වල Syndicated Sites වෙත යන්න

* ඊළගට Syndicated Sources වල Website or feed URL වලට බ්ලොග් අඩවියක Feed Address එක Add කරන්න. එක සැරේ බ්ලොග් ගොඩක් එකතු කරනවනම් add multiple භාවිතා කරන්න පුළුවන්. බ්ලොග් අඩවියක් ඇතුළු කරලා ස්වල්ප වෙලාවකින් (විනාඩි 10 වගේ) ඔබේ WordPress බ්ලොග් අඩවියට පිවිස බලන්න. ලිපි වැටිලා තියෙනවා පෙනෙයි.

ඔබට මේ පොස්ට් එක සම්බන්ධව ගැටළු තියෙනවානම් Comment  එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *