පැරණි පරිගණක වලට භාවිතා කරන්න පුලුවන් Linux මෙහෙයුම් පද්ධති

පැරණි පරිගණක වලට Install කරන්න පුලුවන් හොද මෙහෙයුම් පද්ධති කිහිපයක් මේ 

Puppy Linux

මේ මෙහෙයුම් පද්ධතිය ඕනම Computer එකකට Install කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔය පරණම පරිගණක වලට උනත් කිසිම අවුලක් නැතිව Install කරන්න පුලුවන්. මේ මෙහෙයුම් පද්ධතියේ ISO Image එකේ ප්‍රමානය MB 130 වගේ වෙන්නේ බලන්න කොයි තරම් කුඩා ද හැබැයි මේ මෙහෙයුම් පද්ධතියේ හැම දේම ඇතුලත් වෙලත් තියනවා flash player එක පවා තියනවා මේකේ. මේක On වෙන්න යන්නෙත් තත්පර 20 වගේ අඩු කාලයක් මේක Puppy Linux වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන්. http://puppylinux.org

slitaz

මේ OS එකේ සයිස් එකේ ISO Image එකේ ප්‍රමාණය MB 35 විතර තියන්නේ RAM අවශ්‍ය කරන්නේ MB 68 විතර. P2 Computer එකේ ඉදලා ඕනම Computer එකක Install කරන්න පුලුවන් මේක slitaz වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන් http://www.slitaz.org/en/

Damn Small Linux

මේකේ ISO Image එකේ ප්‍රමානය 60MB විතර. මේක භාවිතා කරන්න 16Mb RAM එකත් ඇති මේක damn small linux වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන්  http://www.damnsmalllinux.org

Xubuntu

මේක හදන්නෙ Ubuntu එකෙන් මේක අඩු දාරිතාවක් සහිත පරිගණක වලට හදපු මෙහෙයුම් පද්දතියක්. මේක ISO Image එකේ ප්‍රමාණය 899Mb විතර තියෙනවා. මේක Install කරන්න 256Mb RAM එකක් සහිත පරිගනකයක් අවශ්‍ය වෙනවා මේක Xubuntu වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන්  http://xubuntu.org

elivecd

මේ මෙහෙයුම් පද්දතියේ ISO Image එකේ ප්‍රමාණය Mb 700 විතර තියනවා . හැබැයි මේක වැඩ කරන්න Mb 64 විතර RAM එකක් ඇති. ඒ වගේම මේක මාර ලස්සනයි . මේ මෙහෙයුම් පද්දතියේ ස්කින් ෂොට් මෙතනින් බලා ගන්න පුලුවන්. http://www.elivecd.org/screenshots/stable/ මේක elivecd  වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන් http://www.elivecd.org/

Berry Linux mini

මේක Windows වගේ මේක භාවිතා කරන්න Mb 128 RAM එකක් ඇති. මේක Berry Linux වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන්  http://berry-lab.net

Lubuntu

Lubuntu කියන්නේ RAM එක අඩු පරිගණක වලට හදපු හොද OS එකක්. මේක භාවිතා කරන්න Mb 90 RAM මතකයක් සහිත පරිගණකයක් ඇති. මේක Lubuntu. වෙබ් අඩවියෙන් Download කරන්න පුළුවන් http://lubuntu.me/

ස්තුතිය.

Tags:
2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *