Truecaller වලට ඔබ නොදැනුවත්ම ඔබගේ Number ඒක ඇතුළු වෙලානම් ඉවත් කරගන්නේ මෙහමෙයි

Truecaller කියන්නේ ස්මාට් Phone වලට දෙන App එකක් මේ App එක Phone වල Install කර ගත්තට පස්සේ ඒ Phone වල තියෙන සියළුම Contacts Truecaller ලගේ Database එකේ ස්වයංක්‍රීයව Save වෙනවා. එහෙම Save කරගත්තාට පස්සේ Truecaller App ඒක Install කරගෙන ඉන්න දුරකතනයකට ඔබ දුරකථන ඇමතුමක් ලබා ගන්නකොට ඔබේ නම වැටෙනවා.

ඉතින් මම ඉහත කී විදියට ඔබ මේ Truecaller App එක භාවිතා නොකෙරුවත් ඔබේ නැදෑ හිත මිතුරන් ගේ දුරකථන වල මේ App එක භාවිතා වෙනවා නම් ඔබේ දුරකථන අංකය එම දුරකථන වල Contacts වල Save කරලා තියෙන නමින් Truecaller ලගේ Database එකට ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. අන්න එහෙම ඔබ නොදැනුවත්ම ඔබේ දුරකථන අංකය Truecaller ලගේ Database එකේ තියෙනවා නම් ඉවත් කර ගන්නා ආකාරය ගැන තමයි මම අද කියලා දෙන්න හිතුවේ.

Truecaller ලගේ Database එකෙන් ඔයාගේ Number ඒක ඉවත්කර ගන්නා ආකාරය

1.මුලින් ම https://www.truecaller.com/ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ Number ඒකට නමක් වැටෙනවද කියලා Search කරලා බලන්න. (ලොග් වෙන්න Google Login (Gmail) හෝ Micosoft Login (Outlook.com , hotmail) භාවිතා කරන්න.)

එතකොට පහත පරිදි නම වැටෙන්න ඕනේ

2.නම ඉවත් කර ගන්න මෙතනට යන්න https://www.truecaller.com/unlisting එතනට ගිහින් Phone Number Type කරන්න තියෙන කොටුවේ ඔයාගේ Number ඒක මුල තියෙන 0 නැතුව +94 මුලට එකතු කරලා (උදා +94771xxxxxx) Type කරල i’am Not Robet කියන එකත් ක්ලික් කරලා Unlist phone number බටන් ඒක මත ඔබන්න. එතකොට පැය 24 ඇතුලත එයාලගේ Database එකෙන් ඔබේ Number ඒක ඉවත් වෙයි. මගේනම් Number ඒක ඉවත් වෙන්න ගියේ විනාඩියක් වගේ කාලයක්

3.Number එකට වැටෙන නම ඉවත් උනාද කියලා නැවත Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා Search කරලා බලන්න එතකොට පහත ආකාරයෙන් දිස්වෙන්න ඕනේ.

ස්තුතිය.

4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *