Linux පරිගනකයේ Chrome හා Firefox වල Auto Scroll ක්‍රියාත්මක කර ගන්නා ආකාරය

Mouse එකේ තියන්නේ රෝදයක් (scroll wheel එක) අන්න ඒක එබුවාම ඕනම තැනක පරිගනකයේ Auto Scroll වෙනවා. මම Lubuntu වලට මාරු උනාට පස්සේ Windows වල වගේ මේ Auto Scroll එක වැඩ කරේ නැහැ Chrome හා Firefox වල. ඉතින් මේ ගැන Google Search එකක් දාලා බැලුවාම හොයාගන්න ලැබුනා මේක Linux වල ක්‍රියාත්මක කරගන්න ඕනේ කියලා Windows වල වගේ නිකන්ම වැඩ කරන්න බැහැ

හරි මම කියලා දෙන්නම් දැන් Auto Scroll එක Chrome හා Firefox වල ක්‍රියාත්මක කරන ආකාරය.

ඔබේ වෙබ් බ්‍රවුසර් එක Chrome නම් පහත Link එකට ගිහිල්ලා පහත Link එකේ තියෙන extension එක දාගන්න. මේ extension එක දාගත්තට පස්සේ වෙන extension වල වගේ Icon එකක් පෙන්වන්නේ නැහැ නමුත් මේ extension එක හොදින් වැඩ කරනවා.

https://chrome.google.com/webstore/detail/occjjkgifpmdgodlplnacmkejpdionan?utm_source=chrome-app-launcher-info-dialog

firefox නම් firefox Seetings වල තියෙන පහත රුපයේ වගේ use autoscrolling කියන එකට ක්ලික් එකක් දැම්මානම් හරි

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *