WordPress වලින් බ්ලොග් සිංඩිකේටරයක් සාදා ගන්නා ආකාරය

සුභ දවසක් මම අද කියලා දෙන්නේ  බ්ලොග් සින්ඩිකේටරයක් පහසුවෙන් නිර්මාණය කරගන්න ආකාරය ගැනයි

සින්ඩිකේටරයක් කියන්නේ දළ වශයෙන් කිව්වොත් වෙබ් අඩවියක යවත්කාලීන කිරීම් පිළිඹඳව අවදියෙන් ඉඳල නිශ්චිත කාල පරාසයකට සැරයක් අදාල අඩවි වල RSS ෆීඩ්ස් කියවල යාවත්කාලීන කිරීම් එක තැනක දක්වන වෙබ් අඩවියකට.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

මේ සදහා මුලික ද්‍රව්‍ය විදියට Domain Name එකක් හා වෙබ් Hosting පැකේජයක් අවශ්‍ය වෙනවා

දැන් ඔබ ලබා ගත් Hosting පැකේජ්යේ WordPress Install කරගන්න සිදු වෙනවා.  WordPress Web Hosting පැකේජයක Install කරගන්නා හැටි මම පොස්ට් කිහිපයක් ලියලා තියෙනවා එම ලිපි බලන්න මෙතන ඔබන්න.

WordPress Install කර ගැනීමෙන් පසු, ඔබේ WordPress පාලක පැනලයට පිවිස Plugin වෙත ගොස් Feedwordpress Plugin එක ඔබේ අඩවියට එකතු කර සක්‍රීය කරගන්න.

Plugin එක සක්‍රීය උනාට පස්සේ ඔබට පෙනේවි. WordPress පාලක පැනලයේ වම් Side Bar එකේ යටම Syndication කියලා නව අංගයක් එකතු වෙලා තියෙනවා

දැන් තියෙන්නේ බ්ලොග් අඩවි එකතු කරන්න. දැන් Syndication කියන එක ඔබලා එතනට යන්න. (එතන තමයි ඔය රුපයේ පෙනෙන්නේ.)

එතන තියෙනවා Web site or Feed Url කියලා එකක් එතනට එක Rss ලිපිනයක් පමනක් ඇතුල් කරන්න පුලුවන්.

එකකට වඩා ඇතුළු කරනවනම් එක සැරේ ඔක්කොම add multiple වලින් එකතු කරන්න පුලුවන්.

දැන් බ්ලොග් එකක් එකතු කරලා බලන්න.  ඊට පස්සේ ඔබේ අඩවියට ගිහිල්ලා බලන්න.

ලිපි සාරාංශ ආකාරයෙන් වැටිලා නැතුව full Post එකම වැටිලා ඇති.

ඒක හදා ගන්නේ මෙහමයි. ඔබේ WordPress Theme එකේ තියෙන index.php එකේ තියෙනවා මෙහෙම Code එකක් . <?php the_content(‘Read the rest of this entry &raquo;’); ?> 

ඒක මකලා එතනට පහත Code එක දාන්න.

<div class="entry">
<?php if (is_syndicated()) :
$text = get_the_content(); $text = strip_tags($text);
if (strlen($text) > 255) :
$text = substr($text, 0, 1000).'…';
endif;
print $text;
else :
the_content('Read the rest of this entry &raquo;');
endif; ?>
</div>

ඔය Code එකේ 1000 කියලා තියෙන්නේ සාරාංශ වෙලා වැටෙන වචන ගාන. එකට කැමති අගයක් දාගන්න පුලුවන් ඔබට. මේ Code එක ඔබේ WordPress Theme එකේ archive.php,single.php,search.php යන File ටිකටත් ඇතුළු කරලා කලින් පරදීම වෙනස් කරගන්න ඕනේ.

දැන් වැඩේ හරි. සින්ඩිකේටරය වෙත එන ලිපි වල මුලාශය එහෙමත් නැතිනම් සිංඩියට එන ලිපි වල සයිට් එකේ නම වැටෙන්න හදන්න ඕනේ. එක හදන්නේ මෙහෙමයි. Theme එකේindex.php, archive.php,single.php,search.php යන file වල තියෙන මේ Code එකට පස්සේ <?php while (have_posts()) : the_post(); ?>

මේ Code එක ඕන තැනකට දාගන්න පුලුවන්

<?php if (is_syndicated()) : ?> <p> source : <a href="<?php the_syndication_source_link(); ?>"><?php the_syndication_source(); ?></a>.</p> <?php endif; ?>

සින්ඩිකේටරයට එන ලිපි වෙනත් වින්ඩෝවකින් විවෘත වෙන්න හදන්නේ මෙහමයි

Themes එකේ index.php,archive.php,single.php,search.php වල තියෙනවා මෙහෙම Code එකක්.

<?php while (have_posts()) : the_post(); ?>
<div <?php post_class() ?>>
<h3 id="post-<?php the_ID(); ?>"><a href="<?php
the_permalink() ?>" rel="bookmark" title="Permanent
Link to <?php the_title_attribute(); ?>"><?php
the_title(); ?></a></h3>

මේ කෝඩ් එකේ <?php the_title_attribute(); ?>" තියෙනවා මෙහෙම Code එකක් එකේ අන්තිමට මේ Code එක එකතු කරන්න. target="_blank">

එතකොට මෙහෙමයි

<?php the_title_attribute(); ?>"
target="_blank">
<div <?php post_class() ?>>
<h3 id="post-<?php the_ID(); ?>"><a href="<?php
the_permalink() ?>" rel="bookmark" title="Permanent
Link to <?php the_title_attribute(); ?>"
target="_blank"><?php the_title(); ?></a></h3>

ස්තුතිය.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *