32bit Ubuntu පරිගණක වලට Chrome වෙනුවට chromium browser

32bit Linux පරිගණක වලට Chrome දෙන එක Google ලා නවතා දැමුවා පසුගිය මාර්තු මාසයේ සිට .

මේ ගැන පසු ගිය දෙසැ මාසයේ සිටම Google නිළ නිවේදනය කරලා තිබුණා.

පසු ගිය මාර්තු මාසයේ ඉදලා 64 bit Linux පරිගණක වලට විතරයි Chrome ලබා දෙන්නේ.

32bit Ubuntu පරිගණක වලට Chrome browser එක වෙනුවට ඔබට chromium browser එක හෝ Firefox browser හෝ chromium පාධක browser එකක් වන Vivaldi browser එකත් ඔබට භාවිතා කරන්න පුළුවන්. (Vivaldi browser එක ගැන මම ඉදිරි ලිපි වලින් කියා දෙන්නම්)

මම අද කියලා දෙන්න හදන්නේ chromium browser එක ඔබේ Ubuntu පරිගනකයේ හෝ උබුන්ටු පාදක මෙහෙයුම් පද්ධතියක chromium browser එක ස්ථාපනය කරගන්න ආකාරය පිලිබදවයි.

chromium browser එක Ubuntu පරිගනකයේ හෝ Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක ස්ථාපනය කිරීම

ඔබේ කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න අරගෙන පහත command Type කරලා chromium browser එක පහසුවෙන් ස්ථාපනය කරගන්න.

sudo apt-get upadte && sudo apt-get install chromium-browser -y

Uninstall කිරීමට

sudo apt-get remove chromium-browser -y

chromium browser වල Adobe Flash Player ඒක ස්ථාපනය කිරීමට පහත command භාවිතා කරන්න

sudo apt-get update && sudo apt-get install adobe-flashplugin -y

Adobe Flash Player එක Uninstall කිරීමට පහත command එක භාවිතා කරන්න

sudo apt-get remove adobe-flashplugin -y

Ubuntu පාදක මෙහෙයුම් පද්ධති (Lubuntu,Kubuntu,Xubuntu,Linux Mint , Elementary OS, etc..) සදහත් ඉහත commands භාවිතා කරන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *