Namesilo.com හි Private Nameservers සකසන්නේ කෙසේද?

ඔබ Reseller Hosting පැකේජයක් හෝ VPS එකක් මිල දී ගෙන ඇතිනම් ඔබට Private Nameservers සාදා ගැනීමට අවශ්‍ය වනු ඇත. Private Nameservers එකක් යනු ඔබේ Web Hosting පැකේජයේ default nameservers වෙනුවට ඔබේම Domain එක භාවිතා කරන Nameservers වේ. උදා – ns1.yourdomain.com , ns2.yourdomain.com අද මම කියලා දෙන්නේ Namesilo.com හි Domain Name එකකට Private Nameservers සකසා ගන්නා ආකාරය පිලිබදවයි.

namesilo.com කියන්නේ අඩු මිලකට Domain Name එකක් මිල දී ගන්න පුලුවන් විශ්වාසනීය විදේශීය ආයතනයක්, මම Namesilo ගැන පොස්ට් කිහිපයක් කලින් පළ කළා එම ලිපි ඔබ බැලුවේ නැතිනම් මෙතන ක්ලික් කරලා ඒවා බලන්න. අපි දැන් බලමු Namesilo හි Domain Name එකකට Private Nameservers සකසා ගන්නේ කොහොමද කියලා. 

1. මුලින් ම Namesilo.com වෙත ගිහින් මුල් පිටුවේ ඉහලින් ඇති Login Link එක ක්ලික් කරන්න

2. දෙවනුව ඔබේ ගිනුමට Log වෙන්න.

3. Domain Manager මත ක්ලික් කරන්න. 

4. ඔබට Private Nameservers සකසා ගත යුතු Domain Name එක මත ක්ලික් කරන්න. 

5. View/Manage Registered Nameservers මත ක්ලික් කරන්න. 

6.  Register New Nameserver මත ක්ලික් කරන්න

7. Host field එක තුළ ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය Nameserver එකේ නම සදහන් කරන්න. (උදා – ns1.yourdomain.com) Host IP field එක තුළ ඔබේ Primary Nameserver IP එක සදහන් කොට Submit ක්ලික් කරන්න.

8. ඔබේ Secondary Nameserver එක එක් කිරීමට ද ඉහත 6,7 ක්‍රීයාවලිය නැවත කරන්න. Secondary Nameserver එකෙහි Host field එක තුළ ඔබට Secondary Nameserver සදහා දෙන නම ඇතුළු කරන්න. (උදා – ns2.yourdomain.com)Host IP field එක තුළ ඔබේ Secondary Nameserver IP එක සදහන් කර Submit ක්ලික් කරන්න.

9. දැන් ඔබේ Domain එක සදහා custom private nameservers සාර්ථකව නිර්මාණය කරගෙන ඇත. 

10.  අවසාන පියවර වන්නේ Private Nameservers භාවිතා කිරීම සදහා ඔබේ Domain එකහි  Nameservers යාවත්කාලීන කිරීමයි. Back to management Page (පහත රුපයේ ඊතලයෙන් පේනවා ඇති ස්ථානය) මත ක්ලික් කරන්න. 

11. NameServers ඉදිරියෙන් ඇති Change මත ක්ලික් කරන්න. 

12. මෙහිදී ඔබට “Nameserver 1” සහ “Nameserver 2” field තුළ ඔබේ Private Nameservers නම් ඇතුලත් කිරීමට අවශ්‍ය වනු ඇත. උදාහරණයක් ලෙස, ඔබගේ පුද්ගලික නාම සේවාදායකය ns1.yourdomain.com සහ ns2.yourdomain.com නම්, අදාළ field තුළ එම නම් ඇතුළත් කර Submit ක්ලික් කරන්න. DNS Propagation වීමට පැය කිහිපයක් ගත විය හැක එබැවින් ඉවසිලිවන්ත වන්න සහ ඔබේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමට පෙර පැය කිහිපයක් රැඳී සිටින්න.

ඔබ සාර්ථකව Private Nameservers සකසා ගත් පසු,  ඔබ භාවිතා කරන Web Hosting Panel එකෙහි DNS Zone Editor එකට ගිහිල්ලා ඔබේ Nameservers සඳහා A Record දෙකක් සාදන්න. මේ A Record දෙක හැදුවේ නැති උනොත් ඔබේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත.

ඔබගේ Private Nameservers සඳහා A Records දෙක සාදාගත හැකි ආකාරය :

1. ඔබේ Web hosting Panel එකට ලොග් වෙන්න 

2. DNS Zone Editor සොයා ගන්න මෙය සාමාන්‍යයෙන් Domain හෝ DNS කොටස යටතේ    දක්නට ලැබේ.

3. A records සෑදීම සඳහා කොටස සොයන්න.

4.  Name field එකෙහි “ns1”  ලෙස ඇතුළු කොට IP Address field එකේහි ඔබේ Primary Nameserver එකෙහි IP ලිපිනය ඇතුළත් කිරීමෙන් පළමු A record එක සාදන්න.

5.  Name field එකෙහි “ns2”  ලෙස ඇතුළු කොට IP Address field එකේහි ඔබේ Secondary Nameserver එකෙහි IP ලිපිනය ඇතුළත් කිරීමෙන් දෙවැනි A record එක සාදන්න.

6. ඔබේ Private Nameservers සදහා ඔබේ Hosting Panel එකෙහි DNS Zone Editor එකෙන් NS1 හා NS2 සදහා A Record දෙකක් සාර්ථකව සාදාගෙන අවසානයි. DNS Propagation වීමට පැය කිහිපයක් ගත විය හැක. එබැවින් ඉවසිලිවන්ත වන්න සහ ඔබේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමට පෙර පැය කිහිපයක් රැඳී සිටින්න.

දැන් ඔබ දන්නවා Namesilo හි Private Nameservers එකක් සකසා ගන්නා ආකාරය ගැන. මේ පොස්ට් එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *