WordPress වෙබ් අඩවියක Username එක phpMyAdmin වෙතින් වෙනස් කර ගන්නා ආකාරය

ඔබගේ WordPress වෙබ් අඩවියේ User Profile එකෙන් ඔබගේ Full Name එක වෙනස් කිරීම පහසු වන අතර, Username එක වෙනස් කළ නොහැකි බවට පණිවිඩයක් ඔබට පෙනෙනු ඇත. ඔබේ WordPress Username එක Cpanel එකේ තිබෙන phpMyAdmin වෙතින් පහසුවෙන් වෙනස් කරගන්නා ආකාරය තමයි අද පොස්ට් එකෙන් මම කියලා දෙන්නේ. මම මිට පෙර WordPress වෙබ් අඩවියක phpMyAdmin වෙතින් Password එක වෙනස් කරගන්නා ආකාරය ගැන පොස්ට් එකක් පළ කළා ඒ පොස්ට් එක බලපු නැති කෙනක් නම් ඔබ මෙතන ඔබලා ඒ පොස්ට් එක බලන්න.

WordPress වෙබ් අඩවියක Username එක phpMyAdmin වෙතින් වෙනස් කර ගන්නේ කෙසේද ?

1.මුලින් ම Cpanel එකට ලොග් වෙලා phpMyAdmin යන්න.

2.ඊළගට phpMyAdmin වලින් ඔබේ WordPress සයිට් එකේ Database එක තෝරාගෙන එහි ඉදිරියෙන් ඇති + ලකුණ ඔබන්න, ඔබේ Database එක හරියටම මොකක් ද කියලා විශ්වාස නැතිනම් ඔබගේ වෙබ් අඩවියේ wp-config.php file එක පරික්ෂා කරන්න.

Note :  අපේ උදාහරණයේ ඇති table prefix එක ‘wp’ වේ prefix එක වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් වේ. එබැවින් ඔබේ එක වෙනස් නම් කරදර නොවන්න. 

3.ඊළගට _users table එක ක්ලික් කරන්න.

4. ඔබට Username එක වෙනස් කිරීමට අවශ්‍ය User අසල ඇති Edit බොත්තම ක්ලික් කරන්න.(ඔබේ වෙබ් අඩවියේ User Accounts ගොඩක් තිබේනම් හරිම Account එක Edit කරනවා කියලා තහවරු කරගන්න. සෑම විටම user_nicname හෝ user_email තීරු පරික්ෂා කිරීමෙන් එය සොයා ගන්න)  

5. ඊළගට user_login row එකේ Value එකේ New Username එක Type කරලා Save කීරීම සදහා පහතින් තිබෙන Go Buttion එක ඔබන්න.

දැන් WordPress වෙබ් අඩවියේ Username එක වෙනස් කරගෙන අවසානයි දැන් New Username එක භාවිතා කරලා ඔබේ වෙබ් අඩවියට ලොග් වෙන්න. 

මේ සම්බන්ධයෙන් ඔබට මොනවා හරි ගැටළුවක් තිබේනම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *