Linux Server එකක් මත Webuzo Web Hosting Control Panel Install කරන ආකාරය

Webuzo යනු Softaculous විසින් සංවර්ධනය කළ, ඉතාමත් සාර්ථක සහ ශක්තිමත් Web Hosting Control Panel එකක් වන අතර, DirectAdmin හා cPanel වැනි පාරම්පරික Control Panels වලට විකල්පයක් ලෙස භාවිතා කළ හැක.

මෙය VPS Servers සහ Dedicated Servers සඳහා ඉතා පහසු හා කාර්යක්ෂම විසඳුමක් වන අතර, single-user hosting අවශ්‍යතා සඳහාද අත්‍යවශ්‍ය විකල්පයක් වේ. Webuzo එකේ විශේෂත්වය වන්නේ, එය Softaculous Auto Installer එක සමඟ ඒකාබද්ධව පැමිණීමයි.

එමඟින් ඔබට WordPress, Joomla, Magento, Laravel, Drupal, phpMyAdmin වැනි 400+ Applications පමණ වූ වෙබ් අඩවි, CMS සහ Frameworks එකක් click එකකින් Install කිරීමට හැකියාව ලබා දෙයි.

ඔබට නව Server එකක් සකස් කරන අවස්ථාවේ, අවශ්‍ය සියලුම සැකසුම් — Database, DNS, SSL, Email, Firewall සහ Security — සරලව Webuzo Panel එක තුළින්ම කළ හැක. මෙය ඔබට Server එක පාලනය කිරීම, සකස් කිරීම සහ නව සේවා එකතු කිරීම වැනි ක්‍රියාමාර්ග ඉතා පහසුවෙන් ඉටු කිරීමට හැකිවෙයි. ඒ නිසා පළපුරුදු පරිශීලකයන්ටත්, නවකයන්ටත් (beginners) භාවිතා කිරීමට ඉතාමත් පහසු හා සරල Control Panel එකක් ලෙස Webuzo වෙනස් වේ.

Webuzo හි විශේෂාංග

  • One-Click App Installer – Webuzo සමඟ Softaculous Auto Installer එක නොමිලේම ලබාදෙන අතර, WordPress, Joomla, Magento, Laravel වැනි 400+ Applications එක click එකට Install කළ හැක. – Webuzo සමඟ Softaculous Auto Installer එක නොමිලේම ලබාදෙන අතර, 400+ Applications (WordPress, Joomla, Magento වැනි) පහසුවෙන් Install කළ හැක.
  • Security & Firewall Protection – Imunify360, CSF Firewall, ModSecurity, SSL Management, IP Blocking & 2FA වැනි ආරක්ෂක ක්‍රම Webuzo මඟින් ලබාදෙන නිසා Server එක Highly Secure වේ. – Webuzo සමඟ Imunify360 නොමිලේ ලබාදෙන නිසා, Server එකේ Security විශාල වාසිදායකයි.
  • Advanced Server Management – Webuzo මඟින් Multi-PHP Support, Web Server Selection (Apache/Nginx/LiteSpeed), DNS Management, Email Accounts, FTP Access, Database Management, Backup & Restore වැනි පහසුකම් ඇත. – Webuzo එකේ DNS Management, Email Accounts, FTP Access, Database Management, Backup & Restore, PHP Selector, Multi-PHP Support, Web Server Selection (Apache/Nginx/LiteSpeed) වැනි පහසුකම් ඇත.
  • Multi-User & Reseller Friendly – Webuzo මඟින් Reseller Accounts, User-Level Account Management, WHMCS Integration වැනි පහසුකම් ද ලබාදෙන අතර, Web Hosting Businesses සඳහා වඩාත් සුදුසු වේ. – cPanel හෝ DirectAdmin වැනි වෙනත් Panels සඳහා Softaculous License එක අමතරව මිලදී ගන්න අවශ්‍ය වන අතර, Webuzo සමඟ එය නොමිලේම ලබාදෙන නිසා ව්‍යාපාරික හා පුද්ගලික Hosting සඳහා වඩාත් ආරක්ෂාකාරී සහ වියදම් අඩු විය හැක.

වැඩි විස්තර සඳහා Webuzo සියලුම විශේෂාංග මෙතැනින් බලන්න: Webuzo Features

Hosting Notice – ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අංකයට කතා කරන්න හෝ WhatsApp කරන්න. වෙබ් අඩවියට පිවිසෙන්න: www.divvyhosting.net

අවශ්‍යතා (System Requirements)

සහාය දක්වන Operating Systems (64-bit):

  • CentOS 7.x / 8.x

  • AlmaLinux 8.x / 9.x / 10.x

  • Ubuntu LTS 18.04 / 20.04 / 22.04 / 24.04

  • Rocky Linux 8.x

  • Red Hat Enterprise Linux (RHEL) 7.x / 8.x

  • Scientific Linux 7.x / 8.x

  • CloudLinux 7.x / 8.x / 9.x

අවශ්‍ය Hardware හා Network අවශ්‍යතා:

  • VPS හෝ Dedicated Server (64-bit OS එකක් තිබිය යුතුය)

  • Fresh Installation එකක් අවශ්‍ය වේ (පෙර කිසිඳු web server/control panel install නොවිය යුතුය)

  • 1GB RAM (නිසි performance එකක් සඳහා 2GB+ RAM අවශ්‍ය වේ)

  • Disk Space – අවම වශයෙන් 5 GB (හොඳම කාර්ය සාධනය සඳහා 10 GB අවශ්‍ය වේ)

  • yum හෝ apt වැනි package manager සහිත OS එකක් අවශ්‍ය වේ

වැදගත් සටහන්:

  • Installation කිරීම කලින් SELinux disable කළ යුතුය

  • PHP, Apache, MySQL වැනි packages පෙර install කර නොමැති විය යුතුය

Installation scripts download වීම සඳහා පහත domains firewall එක හරහා access කිරීමට ඉඩදිය යුතුය:

  1. api.softaculous.com (IP:142.132.212.2)
  2. s0.softaculous.com (IP:192.198.80.6)
  3. s1.softaculous.com (IP:51.38.208.85)
  4. s2.softaculous.com (IP:37.27.68.87)
  5. s3.softaculous.com (IP:178.63.132.196)
  6. s4.softaculous.com (IP:95.216.2.79)
  7. s5.softaculous.com (IP:15.235.60.218)
  8. s6.softaculous.com (IP:103.167.178.2)
  9. s7.softaculous.com (IP:15.204.134.13)
  10. s8.softaculous.com (IP:46.250.225.249)

සහාය දක්වන Virtualization Platforms:

  • VMware

  • Parallels

  • VirtualBox

  • Xen PV/HVM

  • Linux-KVM

  • OpenVZ

  • LXC

  • Azure

Webuzo Plan සහ Pricing

Webuzo පහත පැකේජ සමඟ ලබා ගත හැක:

Plan Price
Personal Cloud $2.5/Month (Softaculous Free License සමඟ)
Mini Cloud $5/Month
Professional $15/Month
Business $25/Month
Personal Dedicated $5/Month
Mini Dedicated $8/Month

Webuzo Install කිරීමට කලින් License එකක් ලබාගැනීම

Webuzo භාවිතා කිරීමට License එකක් ලබා ගැනීම අනිවාර්යයි. ඔබට Trial License (දින 15 නොමිලේ) ලබාගත හැකි අතර, එය මුදල් ගෙවීමට පෙර Webuzo ඔබට ගැලපෙනවාද කියා අත්හදා බැලීම සඳහා වඩාත් සුදුසුයි.

ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා License එකක් ලබා ගත හැකි අතර, පහත ක්‍රම භාවිතයෙන් Webuzo License එකක් ලබා ගත හැක:

1. Softaculous Client Area වෙත පිවිසෙන්න – Softaculous Client Center ඔබට එහි ගිණුමක් නොමැති නම්, නව ගිණුමක් සාදා Login වන්න.

2. Webuzo Trial” පිටුවට යන්න

3. License Type එක තෝරන්න (Monthly Personal Cloud License – $2.5/Month)

4. ඔබේ VPS Server IP එක ඇතුළත් කරන්න

5. Promo Code එක තිබේ නම් ඇතුළත් කරන්න

6. “Get Trial” බොත්තම Click කරන්න

Trial License එක Activate වුනාදැයි Confirmation Message එකක් පෙන්වනු ඇත. 

Webuzo Install කිරීම

1. SSH හරහා VPS එකට පිවිසෙන්න

ඔබේ VPS හෝ Dedicated Server එකට root user එකෙන් SSH හරහා ලොග් වන්න. SSH හරහා සම්බන්ධ වන්නේ කෙසේදැයි මෙතැනින් කියවන්න.

2. Update & Upgrade කරන්න

apt update && apt upgrade -y  # Ubuntu/Debian
yum update -y  # CentOS

3. Webuzo Install Script එක Download කර ගන්න

wget -N http://files.webuzo.com/install.sh

4. Script එක Execute කරන්න

chmod 0755 install.sh
./install.sh

මෙය ක්‍රියාවට නංවීමෙන් Webuzo සියලුම Modules, Packages, සහ Configuration Files Install කරනු ඇත.

Webuzo Install කිරීම සාර්ථකව අවසන් වූ පසු, Terminal එකේ පහත රූපයේ පරිදි Message එකක් දිස්වනු ඇත.  මෙය Webuzo සාර්ථකව Install වී ඇති බව දක්වයි.

Webuzo Admin Panel එකට පිවිසෙන්න

ඔබේ VPS එකට අදාළ Admin Panel එකට පහත URL එකෙන් පිවිසිය හැක:
http://your-server-ip:2004/

Login වෙද්දී —

  • Username ලෙස root යන්න භාවිතා කරන්න.

  • Password ලෙස ඔබගේ Server Root Password එක භාවිතා කරන්න.

ඔබට වැඩිදුර සහය සඳහා Webuzo Support වෙත පිවිස Support Ticket එකක් Open කරන්න.

Official Site: https://webuzo.com/

Documentation: https://webuzo.com/docs/

ස්තුතිය.  

ඔබට Webuzo Install කිරීම සඳහා VPS එකක් අවශ්‍යනම්, (ඩිවි හොස්ටින්) Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගත හැක.
Website: www.divvyhosting.net
Call / WhatsApp: 071 6 682 682

Divvy Hosting වෙතින් Unmanaged Windows/Linux VPS ලබා ගත හැක.
ඔබට අවශ්‍ය නම් Control Panel Install, වෙබ් අඩවි සංක්‍රමණය ඇතුළු සියළුම Support එක නොමිලේ ලබා දේ (Managed Support Free).

Add a Comment

Your email address will not be published. Required fields are marked *