Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයක් Gmail වලට Forwarding කර ගන්නා ආකාරය

අද මම කියලා දෙන්නේ Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයක් Gmail වලට Forwarding කර ගන්නා ආකාරය පිලිබදවයි. මම කලින් ලිව්වා Zoho වලින් [email protected] වැනි ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයක් හදා ගන්න හැටි ඒ ලිපිය ඔබ නොබැලු කෙනක් නම් මෙතන ඔබලා ඒ ලිපිය බලන්න.

1.මුලින් ම https://mail.zoho.com/ වෙත ගොස් ඔබේ Zoho ගිණුමට ලොග් වෙන්න.

2.Zoho E-mail Account එකේ උඩ තියෙන Control Panel මත ක්ලික් කරලා Control Panel එකට යන්න. Zoho ගිණුමට ඇතුළු වෙලා මේ ලිපිනයට ගියත් හරි https://mailadmin.zoho.com/cpanel/index.do#mailaccounts

3.දැන් Control Panel එකේ Mail Administration > Mail Account යන්න.

4.ඔබේ E-mail Address එක මත ක්ලික් කරන්න

5.Add mail forward ක්ලික් කරලා Gmail E-mail Address එක Type කරලා Save ක්ලික් කරන්න.

6.දැන් ඔබේ Gmail එකට එනවා E-mail එකක් Zoho mail වලින් එකේ තියෙනවා Confirmation code එකක් ඒක කොපි කරගන්න.

7.දැන් Zoho Control Panel එකේ Mail Forwarding තැන ඉදිරියෙන් ඇති Verify Now කියලා Link එකක් ඒක ක්ලික් කරලා අර කොපි කර ගත්ත Confirmation code එක Paste කරලා Confirm ඔබන්න.

* අවසානයේ මේ විදියට පෙන්න ඕනේ නිවැරදිව Forwarding කර ගත්තා නම්.

දැන් ඉතින් Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයට ලැබෙන සියළුම E-mail ඔබේ Gmail Account ඒකට දැන් ලැබෙනවා.

ඔබේ Zoho Mail වලින් හදපු ව්‍යාපාරික විද්යුත් තැපැල් ලිපිනයෙන් Gmail වල ඉදන් E-mail එකක් යවන්න ඕනම් පහත පියවර අනුගමනය කරන්න.

1.Gmail Seetings යන්න.

2.ඊළගට Seetings > Accounts and Import ගිහිල්ලා Add another email address ක්ලික් කරන්න.

3.ඊළගට ඔබේ නමයි Zoho Mail වලින් හදපු E-mail Address එකයි දීලා Next ඔබන්න.

4.ඊළගට Zoho SMTP Server : smtp.zoho.com ලෙස ලබා දෙන්න. Port එක 465 දෙන්න SSL අවශ්‍යනම් , 587 දෙන්න TLS අවශ්‍යනම් (මමනම් දෙන්නේ 465 SSL) Username තැනට Zoho වලින් හදපු E-mail address එක Type කරන්න. Password වලට Zoho Account එකේ Password එක Type කරන්න.

Secured connection using TLS (recommended) ක්ලික් කරන්න Port ඒකට 587 ලබා දුන්නා නම්.
Secured connection using SSL ක්ලික් කරන්න Port ඒකට 467 ලබා දුන්නා නම්. (මම SSL ක්ලික් කරනවා)

ඊළගට Add Account ඔබන්න.

Zoho Mail වල Smtp Server ගැන විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන් https://www.zoho.com/mail/help/zoho-smtp.html

5.දැන් ඔබේ Gmail Inbox ඒකට E-mail එකක් එයි එකේ confirmation code එකක් තියෙනවා ඒක කොපි කරලා ඔතනට Paste කරලා Verify ක්ලික් කරන්න එතකොට වැඩේ හරි.

6.E-mail එකක් යවන්න කලින් From ඔබලා එන dropdown menu එකෙන් පුළුවන් E-mail එක යවන mail Address එක තෝරන්න.

මේ පොස්ට් එක සම්බන්ධව ගැටළු තියෙනවානම් Comment එකක් මාර්ගයෙන් අහන්න

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *