Linux වල වැඩ කරන්නේ නැති Dongle වලින් වැඩ ගන්න පුළුවන් sakis3g

මම Lubuntu දැම්මට පස්සේ මට මෙච එකම ප්‍රශ්නය තමයි මගේ Dongel එක වැඩ කරන්නේ නැති උන ගැටළුව. මේකට කරන්නේ මොකද කියලා මම හොයලා බැලුවා Internet එකෙන් එතකොට හමුඋනා මේකට සුදුසු පොඩි Script එකක් මේකේ නම sakis3g මේ Script එකෙන් පුලුවන් Linux වල වැඩ කරන්නේ නැති USB Modem වලින් වැඩ ගන්න. ඔබලාට මට වගේ Dongle ගැටළු ඇති කියලා සිතුණ නිසා තීරණය කළා අද sakis3g වලින් Internet Connect කරන ආකාරය ගැන ලියන්න.

ඔය කඩේ තියෙන චීන” දුරකථන උවද පරිගනකයට සම්බන්ද කරන්න පුලුවන් මේ Software එකෙන්.

1.දැන් මුලින්ම මේ Software එක Download කරගන්න . මෙතනින් මේක පොඩි File එකක් Mb 1 වත් නැහැ https://github.com/Trixarian/sakis3g-source

2.දැන් Download කරගත්ත ZIP එක Desktop එකට extract කරගන්න.

3.ඊට පස්සේ ඒ extract කරගත්ත sakis3g-source-master file එක Open කරගන්න.

4.එකේ ඇතුලේ තියෙන src file එක Open කරගන්න

5.Src FIle එකේ ඇතුලේ තියෙන sakis3g කියන නමින් shell Script එකක් ඇති එක ඩබල් ක්ලික් කරන්න. කරලා Exicute කියන එක ඔබන්න.

ඊට පස්සේ පහත රුපයේ වගේ එකක් ලැබේවි. එකේ connect with 3g select කරලා ok ඔබන්න.

ඊළගට USB Device තෝරලා ok ඔබන්න

දැන් Modem එක තෝරන්න

interface 0 ලෙස ලබා දෙන්න

සේවාදායකයාගේ APN එක ඇතුළු කරන්න

Username සදහා ද APN එකම ඇතුළු කරන්න
Password එක සදහා 1234 ලබා දෙන්න

දැන් Internet කනෙක්ට් වෙයි දැන් වෙබ් බ්‍රවුසර් එක Open කරලා බලන්න.

ස්තුතිය

Tags:
4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *