Vestacp හි Host කර ඇති WordPress අඩවියක Post/Pages වෙත පිවිසීමේදී 404 දෝෂයක් ඇති වුවහොත් එය මේ ආකාරයට පහසුවෙන් සාදා ගන්න

සුභ දවසක් හැමෝටම.! Nginx + PHP-FPM සමග VPS සර්වරයක Vestacp ස්ථාපනය කරලා එහි WordPress ස්ථාපනය කළා නම් ඔබට ඒ WordPress අඩවියේ Post/Pages වලට පිවිසීමේදී 404 Error Page ගැටළුවක් අනිවාර්යෙන් ලැබෙන්න ඇති. මේ ගැටළුව පහසුවෙන් සාදා ගන්නා ආකාරය තමයි මන් අද කියලා දෙන්නේ.

මුලින් ම ලොග් වෙන්න ඔබේ Vestacp Panel එකට. https://server.example.com:8083

ඊළගට Vestacp එකේ Web ඔබන්න.

ඊළගට ඔබට මේ ගැටළුව හදා ගන්න අවශ්‍ය Domain එක ඉදිරියට Mouse එක අරගෙන යන්න එතකොට පහත රුපයේ පරිදි Menu එකක් දිස්වනු ඇත එකේ Edit ඔබන්න.

ඊලගට Web Template NGINX වලින් WordPress2 තෝරලා පහත තියෙන Save බටන් එක ඔබන්න.

ඊළගට අනිවාර්යෙන් ම අවශ්‍යයි nginx හා vestaCP, restart කරන්න

ඒ සදහා Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න
Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
Password එකට root Password එක Type කරන්න

ඊළගට Nginx restart කිරීමට පහත Command එක Copy/Paste කරලා Enter ඔබන්න.

sudo service nginx restart

vesta restart කිරීමට පහත Command එක භාවිතා කරන්න

sudo service vesta restart

දැන් හරි මේ ගැටළුව දැන් විසදී තියෙන්න ඕනේ දැන්, Domain එකට Cloudflare දාලා තියෙනවා නම් එකේ Cache මකන්න අමතක කරන්න එපා එම Cache නිසා මේ දෝෂය සැදුවත් 404 Error Page එක පෙන්වන්න පුළුවන්.

මේ සම්බන්දව ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්.

ස්තුතිය

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *