අන්තර්ජාලයේ සැගවුණු පෙදෙස ගැන

ඔබ හිතන්නේ අන්තර්ජාලයේ තියෙන සෑම වෙබ් පිටුවක් ම ඔබට බලන්න පුළුවන් කියලා ද ? එහෙනම් ඔබ වැරදී.

ඉන්ටනෙට් කියන්නේ අපිට පේන World Wide වෙබ් විතරක් නෙවෙයි. World Wide Web වලට අයිති නැති වෙබ් පිටුත් ඉන්ටනෙට් එකේ තියනවා ඒවා අයිති වෙන්නේ Deep Web එකට

Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් Web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්

සමස්ථ අන්තර්ජාලය ගත්තාම අපිට Access කරන්න පුළුවන් ප්‍රමාණය 4% ක්, ඉතිරි 96% වෙන් වෙලා තියෙන්නේ Deep වෙබ් එකටයි

ඔබ Google , Yahoo , Bing  ගිහිල්ලා Search කරාට Deep වෙබ් සයිට් නම් කිසි විටෙකත් හොයාගන්න බැහැ. මොකද මේ වෙබ් අඩවි ඒවාට හසු නොවන්න හදලා තියෙන්නේ.

ඉන්ටනෙට් එකේ තියන නීති විොර්ධී දේවල් වලින් වැඩි හරියක් තියන්නේ මේ Deep වෙබ් එකේ

Deep වෙබ් එකට යන එක නීති විරෝධී නෑ. ඒත් ඒකෙන් වැරදි වැඩ කරොත් ඒව නීති විරෝධී.

Deep වෙබ් එකේ මුදල් ගනු දෙනු සිදුවන මුදල් එකකය  Bitcoin. ගනු දෙනු නිතියානුකුළ නිසාද කිසිවෙක් ඒ ගැන දැන නොගන්නා නිසාද හැකර්වරුන් වෙනත් රහසිගත කරනු වලට කැමති පුද්ගලයන් හා ආයතන අතර මෙය වේගයෙන් ජනප්‍රිය උණා

ඒ වගේම මෙහි භාවිතා කරන වෙබ් ලිපින සාමාන්‍ය වෙබ් ලිපිනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා.

උදා -: http://3g2upl4pq6kufc4m.onion/ – DuckDuckGo Search Engine
http://xmh57jrzrnw6insl.onion/ – TORCH – Tor Search Engine

Deep වෙබ් එකට යන ආකාරය

මේ ඩීප් වෙබ් අඩවි පරිගණකයෙන් access කරන්නනම් Tor, I2P, Freenet , Maxthon Cloud Browser අවශ්‍ය වෙනවා. Android වලින් යනවනම් Orbot වලින් යන්න පුළුවන්. වැඩියෙන්ම බාවිතා වෙන්නේ Tor වෙබ් බ්‍රවුසර් එක. tor එකෙන් කරන්නේ අපි ඩීප් වෙබ් surf කරනකොට අපේ IP address එක හංගන එක.

1. මෙන්න මෙතනින් tor Download කරගන්න. https://www.torproject.org/projects/torbrowser.html.en

2. ඊට පස්සේ Install කරගන්න.

3. ඊලගට tor වෙබ් බවුසර් එක Open කරගන්න

4. වෙනස් උණු Ip ලිපිනය තමයි ඔය රතු කොටුවේ පෙන්නේ

මේ වෙබ් ලිපිනයට Tor එකෙන් යන්න (Tor එකෙන් විතරයි යන්න පුළුවන්) මේක තමයි Deep වෙබ් එකේ තියෙන Hidden Wiki එක. මේකේ තියෙනවා ගොඩක් Links වගේ ඒවා Deep වෙබ් Search Engine වගේ ඒවා එහෙමත් තියෙනවා. මෙතන ගිහිල්ලා ම බලන්න http://zqktlwi4fecvo6ri.onion/wiki/index.php/Main_Page

වැදගත් – Deep වෙබ් එක ඉතා භයානක වයිරස් මැල්වෙයා හැකර්වරුන් බහුල ප්‍රදේශයක්.   නිසා Deep Web එකට යනවනම් යන්න ඕනේ හොද Firewall එකක් තියෙන පරිගණකයකින්.  Deep Web යෑමට ප්‍රථම IP එකත්  Proxy හෝ VPN එකකින් වෙනස් කර ගන්නවනම් වඩා හොදයි.  Deep වෙබ් ගිහිල්ලා ඔබේ Pvt දත්ත ඒ වෙබ් අඩවි වලට කිසි විටෙකත් ලබා දෙන්න එපා.  ඒ වගේම  භායනක වයිරස් තියෙන්න පුළුවන් නිසා Deep Web එකේ තියෙන  ෆයිල් කිසි විටෙක Download කරන්න එපා. 

4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *