HestiaCP පැනලයේ Server php.ini Settings වෙනස් කරගන්නා ආකාරය

HestiaCP යනු වෙබ් හොස්ටින් පරිපාලන පැනලයක් වන අතර එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස ලබා ගත හැක. HestiaCP පරිශීලක අතුරුමුහුණත පහසුවෙන් භාවිතා කළ හැකි අතර, වෙබ් අඩවි පාලනය කිරීම, ඩොමේන් කළමනාකරණය, ඩේටාබේස් කළමනාකරණය, සහ එමෙන්ම විවිධ සේවාකරණයන්ගේ පාලනය කිරීම සඳහා පහසුකම් සපයයි.

HestiaCP Install කරන ආකාරය පිළිබඳව ඔබට උදව් අවශ්‍ය නම්, මෙම ලිපියට යන්න.

Server PHP Settings වෙනස් කරන ආකාරය:

1. මුලින්ම, HestiaCP පැනලයට ඔබේ පරිශීලක නාමය සහ මුරපදය (Username and Password) භාවිතා කර Login වන්න.

2. Dashboard එකේ ඉහළ ඇති මලක් වගේ Icon එක (Server Settings) Click කරන්න.

3. Server Settings පිටුවේදී, PHP-FPM සේවා (Services) විවිධ PHP Versions පෙන්වයි. ඔබ යම් PHP Version එකක් Click කළ විට, ඒ වෙනස් කිරීම් සඳහා Settings page එකට යනු ඇත. එය සියලු PHP Versions සඳහාම එකම පිටුව වේ.

4. Configure Server: PHP පිටුවේදී, ඔබට max_execution_time, max_input_time, memory_limit, post_max_size, upload_max_filesize, වැනි PHP settings වෙනස් කළ හැක. Advanced Options Click කිරීමෙන්, එතන නැති Settings  max_input_vars වැනි Settings ද වෙනස් කළ හැක. අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් පසු, “Save” Button එක  Click කරන්න.

5. වෙනස්කම් Save කිරීමෙන් පසු, වෙනස්කම් වල බලපෑමක් ඇති කිරීමට, ඔබගේ VPS එක නැවත ආරම්භ (Restart) කිරීම අවශ්‍ය වේ. HestiaCP පැනලය තුළ “Restart” Button Click කර VPS එක  Restart කරන්න.

HestiaCP පැනලය භාවිතා කරමින් Server PHP Settings වෙනස් කිරීම ඉතා පහසු ක්‍රියාවලියකි. මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබට අවශ්‍ය PHP Settings සාර්ථකව වෙනස් කළ හැක. 

ස්තුතිය.

ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අමතන්න. වෙබ් අඩවිය – https://www.divvyhosting.lk

Add a Comment

Your email address will not be published. Required fields are marked *