කිසිම Plugin එකක් භාවිතා කිරීමකින් තොරව WordPress වෙබ්/බ්ලොග් අඩවියක Backup එකක් Cpanel එකෙන් පහසුවෙන් ලබා ගන්නා ආකාරය

සුභ දවසක් හැමෝටම.! අද මන් කියලා දෙන්නේ WordPress වෙබ් බ්ලොග් අඩවියක Backup එකක් හරිම පහසුවෙන් Cpanel එකෙන් ලබා ගන්නා ආකාරය පිලිබදවයි.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

මුලින් ම Log වෙන්න Backup එක ගන්න ඕනේ WordPress වෙබ් අඩවිය Host කරලා තියෙන Cpanel එකට

ඊළගට ඔබේ WordPress වෙබ්/බ්ලොග් අඩවිය Host කරලා තියෙන Cpanel එකේ File Manager ක්ලික් කරන්න

File Manager ක්ලික් කිරීමෙන් පසු File Manager එකේ ඔබේ WordPress Install කරලා තියෙන floder එක සොයාගෙන සියළුම WordPress File තෝරා ගැනීමට Select All ඔබන්න.

  • ඔබේ WordPress වෙබ්/බ්ලොග් අඩවිය www.yourdomain.com ලිපිනයකින් තිබෙනවා නම් WordPress ෆයිල් සාමානයෙන් Public_html Floder එක තුල තියෙන්න පුළුවන්.  ඔබේ WordPress වෙබ්/බ්ලොග් අඩවිය Sub Floder එකක් තුළ Install කර ඇත්තම් (උදා – www.yourdomain.com/blog/) එවිට Sub Floder එකට සමාන නමක් සහිත Floder එකක් තුල ඔබේ WordPress Flies තුල ඇත (උදා – blog නමින් file එකක් සොයන්න)

ඊළගට Compress ක්ලික් කරන්න.

ඊළගට Zip Archive ක්ලික් කරලා Compress Files ක්ලික් කරන්න.

ඊලගට ඒ Zip File එක උඩ Mouse එකේ Right ක්ලික් කරලා Zip File එක Download කරගන්න.

ඊළගට කරන්න ඕනේ WordPress වෙබ් අඩවියේ Database එකේ Backup එකක් ලබා ගැනීම (Database එකේ Backup එකක් තිබුනේ නැත්තම් අපි කලින් Download කරපු ෆයිල් ටික තිබුණා කියලා වැඩක් වෙන්නේ නෑ එක නිසා  අනිවාර්යෙන් ම Database එකේ Backup එකක් ලබා ගන්න ඕනේ)

Cpanel එකේ Databases යටතේ තියෙන phpmyadmin මත ඔබන්න.

ඊළගට Database එකේ Name එක මත ඔබලා Export යන්න

ඊලගට Format: එක හැටියට SQL තෝරලා Go ඔබන්න එතකොට Database එක Download වෙයි

 

මේ විදියට WordPress විතරක් නමේ ඕනෑම වෙබ් අඩවියක Backup එකක් හරිම පහසුවෙන් ලබා ගන්න පුළුවන්

අපි දැන් Backup එක අරගෙන ඉවරයි ගැටළු තියෙනවා නම් අහන්න Comment එකක් මාර්ගයෙන් මම උදව් කරන්නම් ඔබට

ස්තුතිය.

3 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *