වෙනත් Blogger Blog එකක තියෙන සියළුම පොස්ට් Download කරන කරන හැටි

සුභ දවසක් හැමෝටම.!  LKTips බ්ලොග් අඩවිය WordPress වෙතට ගෙන ආවා, WordPress.com නොවේ VPS සර්වර් එකක් මිල දී ගෙන එකේ බ්ලොග් එක WordPress වලින් Host කරා.  WordPress වෙතට ගෙන එන්න ප්‍රධානම හේතුව තමයි මම අද ලියන්න හිතුවේ.  මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් කොපි කරලා තිබුණා එක්තරා පුද්ගලයෙක් එයාට ඒක මගේ බ්ලොග් ලිපියක් බව දැන්වුවාට පස්සේ එයා වැරැද්ද තෙරුන් ගන්නේ නැතුව මගේ බ්ලොග් එකේ තියෙන සියළුම ලිපි විනාඩි 10 අඩු කාලයකදී Copy ගහනවා කියලා මට තර්ජනය කරා.

එයා මගේ බ්ලොග් එක වගේම බ්ලොග් එකක් හදලා ඒකට මගේ පොස්ට් ටික ඔකොම Upload කරලා තිබුණා. මේ බලන්න එයා මගේ බ්ලොග් එක වගේම හදපු ව්‍යාජ බ්ලොග් අඩවිය http://lksuprime.blogspot.com

Blogger වල සියළුම පොස්ට් වල Backup එකක් ගන්න පුළුවන්නේ XML ගොනුවක් විදියට හැබැයි ඒක ගන්න පුලුවන් Blogger බ්ලොග් එකේ Settings ගිහින් බ්ලොග් එකේ අයිතිකරුට විතරයි කියලා හිතනවා නම් ඒක බොරු

ඕනෑම් Blogger බ්ලොග් එකක පොස්ට් තියෙන XML එක Blog එකේ Settings යන්නේ නැතුව. Download කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.  ඒ ක්‍රමයට තමයි මගේ බ්ලොග් එකේ පොස්ට් ටික උස්සලා තියෙන්නේ ඒ ක්‍රමයට පොස්ට් ටික Download කරලා වෙන Blogger බ්ලොග් එකක් හදලා Upload කොලොත් පොස්ට් එකේ දිනය , ලිපිනය Categories මොකුත් වෙනස් වෙන්නේ නෑ ඒවා ඒ මුල් බ්ලොග් අඩවියේ තිබුණ ආකාරයටම තියෙනවා.

ඉතින් මම හිතුව මට වෙච දේ තව කෙනක් ට වෙන්න කලින් මෙහෙම සියළුම  පොස්ට් Download කරන විදියයි , මෙහෙම සියළුම පොස්ට් Download කරන විදිය නවත්වා ගන්න කරන්න පුළුවන් විසදුම් මොනවාද කියලා ලියන්න. 

ඕනෑම Blogger බ්ලොග් එක්ක සියළුම පොස්ට් Download කරන ආකාරය

බ්ලොග් එකක සියළුම පොස්ට් Download කරන්න කලින් ඒ බ්ලොග් එකේ සියළුම පොස්ට් කොචර තියෙනවා ද කියලා දැන ගන්න ඕනේ ඒක දැන ගන්නේ මෙහෙමයි

1.මුලින් ම මෙන්න ඒ zip ෆයිල් එක Download කරගන්න http://code.lktips.com/Download/blog data.zip

2.Download කර ගත්ත zip එක unzip කරන්න.

3.එකේ ඇතුලේ තියෙනවා post numbers.html කියලා ගොනුවක් ඒක Notepad Plus වගේ මෘදුකාංගයකින් Open කරලා. එකේ තියෙන blogspot.com ලිපිනයට ඔයා Post Download කරන්න හදන Blogger බ්ලොග් එකේ ලිපිනය දාලා Save කරන්න.

4.දැන් ඒ post numbers.html ගොනුව ඔයා කැමති Web Browser එකකින් Open කරන්න.

5.එතකොට ඒ බ්ලොග් එකේ තියෙන සියළුම පොස්ට් පෙන්වනවා

උදා- total Posts : 100 ඔන්න ඔහොම.

දැන් කොචර Post තියෙනවා ද කියලා දැන ගෙන ඉවරයි දැන් Post ටික Download කරමු.

6. දැන් IDM Open කරගන්න

7. දැන් පොස්ට් Download කරන්න හදන Blogger බ්ලොග් එකේ ලිපිනයේ අන්තිමට මේ ටික එකතු කරන්න. /atom.xml?redirect=false&start-index=1&max-results=100

උදා – http://name.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=100

max-results=100 එකේ 100 කියලා තියෙන්නේ පොස්ට් ගනන ඒක වෙනස් කරගන්න ඕනේ ඔයා Download කරන්න යන බ්ලොග් එකේ පොස්ට් ගනන මම උඩ කියලා දුන්න විදියට කරලා.

8. දැන් මේ URL එක http://name.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=100 IDM එකේ Add URL ඔබලා එතනට දෙන්න එතකොට atom.xml කියලා ගොනුවක් Download වෙයි එකේ ඔකොම පොස්ට් තියෙනවා ඊට පස්සේ Blogger.com ගිහින් බ්ලොග් එකක් හදලා එකේ Settings > Other > Import & back up වලට Import කරන්න.

කිව්ව ටික පැහැදිලි නැතිනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න

ඊළගට කියලා දෙන්නම් මෙහෙම බ්ලොග් එකේ සියළුම පොස්ට් Download කරන එක නවත්වා ගන්න කරන්න පුළුවන් මොනවද කියලා.

1. ලේසියෙන් ම කරන්න පුලුවන් ඔයාගේ බ්ලොග් එකේ Settings > Other > Site feed වල Allow Blog Feed ඉදිරියෙන් තියෙන Drop Down Menu එකෙන් None තෝරලා Save කරන්න. එතකොට සියළුම පොස්ට් Download කරන්න බෑ ( එතන තියෙන Short වගේ ඒවා දෙන්න යන්න එපා ඒවා දුන්නට වැඩක් නෑ ඔකොම පොස්ට් Download කරන්න පුළුවන්) මෙහෙම කරාම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් සින්ඩිකේටර වල Blogroll වැටෙන්නේ එකක් නෑ

2. මම වගේ self-hosted WordPress බ්ලොග් එකක් හදන්න මේකට Web Desing ගැන සුළු දැනීමක් අවශ්‍ය වෙනවා හැබැයි මට උදව් කරන්න පුලුවන් එහෙම උදව් ඕනම් සයිට් එකේ About වල තියෙනවා මාව සම්බන්ධ කරගන්න පුලුවන් විදි ඒවාගෙන් මට කියන්න මම උදව් කරන්නම්.

3. WordPress.com වලට මාරු වෙන්න පුළුවන්.

ස්තුතිය.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *