Google Map එකේ ඔබේ ව්‍යාපාරය තිබෙන තැන ලකුණු කරගන්නා ආකාරය

සුභ දවසක්.! මන් අද ඔබලාට කියලා දෙන්නේ Google Map එකේ ඔබේ ව්‍යාපාරය තිබෙන තැන ලකුණු කරගන්නා ආකාරය පිලිබදවයි. මේ විදියට Google Map එකේ ඔබේ ව්‍යාපාරය ලකණු කර ගත්තාම Google Map එකේ ඔබේ ව්‍යාපාරය පෙන්වනවාට අමතරව Google Search එකක් කරනකොට ඔබේ ව්‍යාපාරයේ නමින් ඒ Search Result එකේ දකුණු පැත්තේ ඔබේ ව්‍යාපාරය ගැන ලොකුවට විස්තරයක් වැටෙන්න හදා ගන්න පුළුවන්. බලන්න මගේ එක මම පහත දාලා තියෙනවා.

1] මුලින් ම මෙතනට යන්න https://business.google.com/

2] Start Now ඔබන්න

3] දැන් ඔබේ ව්‍යාපාරයේ නම Type කරලා Next ඔබන්න.

4] ඊළගට ඔබ ඉන්න තැන ලිපිනය Type කරලා Next ඔබන්න ( ලිපිනය නිවැරදිව Type කරන්න ලිපිනය Verify කරන්න ගෙදරට Post Card එකක් එවනවා ඒක එන්නේ මෙතනට දෙන ලිපිනයට)

5] ඊළගට ඔබේ ව්‍යාපාරයට ගැලපෙන හොදම category එක තෝරලා Next ඔබන්න

6] දැන් ඔබ ඉන්න තැන Map එකේ හරියට Mark කරලා Next ඔබන්න

7] දැන් දුරකථන අංකය හා වෙබ් අඩවිය Type කරන්න, වෙබ් අඩවියක් නොමැතිනම් I don’t need a websites තෝරලා Next ඔබන්න

8] Yes / No වලින් කැමති එකක් තෝරලා Next ඔබන්න

9] දැන් Finish ඔබන්න

10] දැන් Contact Name එකක් දීලා Mail ඔබන්න

11] දැන් දින 14 ඇතුලත ඔබ ලබා දුන් ලිපිනයට Post Card එකක් එනවා Google එකෙන් එකේ තියෙනවා Verify Number එකක් ඒක ඔබේ Google business Account එකට ලබා දීලා ඔබේ ලිපිනය Verify කරගන්න සිදු වෙනවා. එහෙම Verify කරගත්තා ට පස්සේ තමයි ඔබේ ව්‍යාපාරය තියෙන තැන Google Map එකේ පෙන්වන්නේ. ඊළගට Continue ඔබන්න.

12] ඊළගට Google business Account එකේ Side bar එකේ Info ඔබන්න

13] ඊළගට පැන්සලක් වගේ තියෙන ලකුණ ඔබලා ඒ ඒ තැන් වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න.

14] ඊළගට Google business Account එකේ Side bar එකේ තියෙන Photos ඔබලා අදාල තැන් වලට Cover / Logo ඒවා ලබා දෙන්න.

15] දවස් 14කින් Post Card එක ලැබුණාම https://business.google.com/ ලිපිනයෙන් Google business Account එකට ලොග් වෙලා Side bar එකේ තියෙන Verify location ඔබන්න.

මේ තියෙන්නේ එවන Post Card එක (Google Image වලින් ලබා ගත්තේ මේකනම්)

16] දැන් Verify කෝඩ් එක Type කරලා Verify ඔබන්න එචරයි දවස් 4ක් වගේ යනකොට ඔබේ ව්‍යාපාරය Google Map එකේ පෙන්වයි.

ඔබේ ව්‍යාපාරයේ නම හෝ ලබා දීලා තියෙන ලිපිනයේ , දුරකතන හෝ වෙනත් දෙකය වෙනස් කමක් කරගන්න ඕනම් Google business Account එකට ලොග් වෙලා ඕනේ වෙලාවක කරගන්න පුළුවන්.

මේ සම්බන්දව ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්.

ස්තුතිය.

Tags:
4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *