Cent Os 5 VPS එකකට VNC Server පහසුවෙන් Install කර ගන්නා ආකාරය

සුභ දවසක් හැමෝටම මම අද කියලා දෙන්නේ Cent OS 5, VPS එකකට පහසුවෙන් VNC Server Install කරගන්නා ආකාරය පිලිබදවයි. Cent OS 6,7 VPS එකක VNC Server Install කරන ආකාරය මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම්. ඒක නිසා Cent OS 6,7 වල මේ විදියට Install කරන්න යන්න එපා වැඩ කරන එකක් නැහැ.

මුලින් ම Cent OS 5 Install කරගන්න VPS එකේ.

ඊළගට Putty Download කරගන්න.
32bit https://the.earth.li/~sgtatham/putty/latest/w32/putty.exe
64bit https://the.earth.li/~sgtatham/putty/latest/w64/putty.exe

Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.

ඔය Security Alert එකට Yes ඔබන්න.

ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කළානම් ඇති එතකොට Paste වෙනවා.)

SSH වලින් ලොග් මේ වගේ

ඊලගට පහත command එකෙන් එක Type කරලා කීබෝඩ් එකේ Enter ඔබන්න.

yum update -y

yum groupinstall GNOME Desktop Environment

yum install gnome-core xfce4 firefox -y

yum install tigervnc-server -y

chkconfig vncserver on

දැන් ඊළගට තියෙන්නේ VNC එකේ Password එක හදා ගන්න ඕනේ. ඊලග Command එක Type කරලා කීබෝඩ් එකේ Enter ඔබලා අහන Password එකට  කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.

vncpasswd

අන්තිමට මේ Command එක Type කරලා කීබෝඩ් එකේ Enter ඔබලා VNC start කරගන්න.

vncserver

දැන් VNC Install කරගෙන ඉවරයි.

VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න

ඒක Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.

ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න

දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.

දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මේ වගේ.

VPS එක reboot කොලොත් VNC නැවත start කරගැනීමට පහත command එක SSH ලොග් වෙලා Type කරලා Enter ඔබන්න.

vncserver

VNC Install කරනකොට මොනවා හරි ගැටළුවක් අවොත් Comment එකක් මාර්ගයෙන් අහන්න අනිවාර්යෙන් මම උදව් කරන්නම්.

ඔබට VNC Install කරන්න ගිහින් මොනවා ගැටළුවක් අවොත් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්

VNC Server ස්ථාපනය කිරීමට ඔබට VPS එකක් අවශ්‍ය නම් ඔබට එය Lanka Web Hosting වෙතින් ලබා ගත හැක.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *