Ubuntu 16.04 VPS මත Hitleap ස්ථාපනය කරන්නේ කෙසේද?

සුභ දවසක් හැමෝටම.! මම අද කියලා දෙන්නේ Ubuntu 16.04 VPS එකක් මත Hitleap Install කරගන්නා ආකාරය පිලිබදවයි. මම මිට පෙර ලියලා තියෙනවා Ubuntu VPS එකක Wine දාලා Hitleap .exe එක Install කරන ආකාරය ගැන. නමුත් ඒ ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් උනේ නෑ ඒක නිසා ඒ සදහා Windows VPS යොදාගන්න උණා. දැන් Hitleap වලින් Linux සදහා Ubuntu OS එකට සහය දක්වන Hitleap සංස්කරණයක් නිකුත් කර තිබෙනවා. අන්න ඒ Ubuntu සදහා නිකුත් කර ඇති Hitleap Software එක VPS එකක Install කරගන්නා ආකාරය ගැන තමයි මන් අද කියලා දෙන්නේ.

ඊළගට VPS එකට Ubuntu 16.04 64bit Install කරගන්න.

ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න
Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
Password එකට root Password එක Type කරන්න

Ubuntu VPS එකේ Hitleap Install කරන්න කලින් VNC Install කරගන්න වෙනවා ඒ සදහා පහත Command භාවිතා කරන්න.

apt-get update

apt-get install xorg lxde-core tightvncserver firefox -y

ඊලගට භාෂාව English US තෝරලා Keyboard එකේ Enter ඔබන්න.

ඊළගට tightvncserver :1

දැන් VNC Password එක සදහා කැමති Password එකක් Type කරලා Enter ඔබන්න. එතකොට Verify Password එකටත් ඒ Password එකම ගහලා Enter ඔබන්න.

ඊලගට Would you like to enter a view-only password එකක් එනවා එකට n ගහලා Enter ඔබන්න

දැන් VNC Install කරගෙන ඉවරයි.

VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න

ඊළගට VNC viewer Software එක Open කරගන්න.

ඊට පස්සේ ඔබේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න

දැන් Password එකක් අහයි එකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.

දැන් VPS එකේ Desktop එකට ලොග් උණාම මේ වගේ පෙන්න ඕනේ

ඊලගට Hitleap Install කරන්න පහත Command භාවිතා කරන්න.

cd Desktop/

wget https://hitleap.com/viewer/download?platform=Linux -O hit.tar.xz && tar Jxvf hit.tar.xz

VNC ලොග් වෙන්න නැවතත් දැන් Desktop එකේ ඇති hit.tar.xz , HitLeap Viewer , app කියලා ෆයිල් තුනක් ඒ තුනෙන් Hitleap Open කරගන්න HitLeap Viewer මත ඩබල් ක්ලික් කරන්න. නමුත් ඒක Open උනේ නැතිනම් app කියන ෆයිල් එක Open කරලා එකේ තියෙනවා HitLeap-Viewer කියලා ෆයිල් එකක් එක ඩබල් ක්ලික් කරලා එන Window එකේ Execute ක්ලික් කරන්න දැන් නම් Hitleap Open වෙන්න ඕනේ

ඊළගට Hitleap Account එකට ලොග් වෙන්න.

ඊළගට START EARNING HITS ඔබන්න එචරයි.

මේ පොස්ට් එක සම්බන්දයෙන් මොනවා හරි ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්.

Hitleap ස්ථාපනය කිරීමට ඔබට VPS එකක් අවශ්‍ය නම් ඔබට එය Lanka Web Hosting වෙතින් ලබා ගත හැක.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *