Lubuntu 14.04 මෙහෙයුම් පද්ධතිය පරිගනකයේ ස්ථාපනය කර ගන්නා ආකාරය [Video]

සුභ දවසක් හැමෝටම මම අද කියලා දෙන්නේ පරිගණකයේ Lubuntu මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරය පිලිබදවයි.

Lubuntu කියන්නේ RAM එක අඩු පරිගණක වලට හදපු OS එකක්. Lubuntu වල වැඩ කරන්න උපරිම MB 90 RAM එකක් සැහේ. Lubuntu නිර්මාණය කරන්නෙත් Ubuntu ආයතනයෙන්ම තමයි, Ubuntu සහ Lubuntu අතර කිසිම තාක්ෂණික වෙනස්කමක් නැ වෙනසකට තියෙන්නේ අඩු රැම් ධාරිතාවක් භාවිතා කරන පරිශීලක අතුරු මුහුණතක් භාවිතා කිරීමයි. Lubuntu ගැන තවත් තොරතුරු මේ link එකට ගිහිල්ලා විකිපීඩියා වලින් කියවන්න පුළුවන් https://en.wikipedia.org/wiki/Lubuntu

Lubuntu 14.04 Install කරන ආකාරය තිබෙන Video එකක් මන් සොයා ගත්තා Youtube එකේ තිබිලා. ඒ Video එක බලලා ඔබටත් Lubuntu ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න පුළුවන්.

Lubuntu ISO Image එක Download කරගැනීමට මෙතනට යන්න. https://help.ubuntu.com/community/Lubuntu/GetLubuntu

Download කර ගැනීමෙන් පසු  ඒ iso Image එක ස්ථාපනය සදහා CD/DVD එකක Write කරගන්න ඕනේ. නැතිනම්  Bootable Pen Drive විදියට හදා ගන්න වෙනවා. CD/DVD එකක Write කරන ආකාරය මම කියලා දෙන්නේ නෑ ඒක හැමෝම දන්න දෙයක් නිසා  Bootable Pen Drive එකක් සාදා ගන්නා ආකාරය ගැන මම කියලා දෙන්නම්.

Universal Usb Installer කියලා Software එකක් තියෙනවා එක Download කරගන්න මෙතනින්. http://www.pendrivelinux.com/downloads/Universal-USB-Installer/Universal-USB-Installer-1.9.5.5.exe

දැන් Download කරගත්ත Software එක Install කරගෙන Open කරගන්න.

Pen Drive එකත් Computer එකට Plug කරන්න . Pen Drive එකේ ඇතුලේ තියෙන File වල Backup එකක් අරගෙන Pen Drive එක Format කරගන්න.

ඊට පස්සේ පහත රුපයේ වගේ Step 1 එකෙන් කියන්නේ Pen එකට දාන්න යන OS එක තෝරන්න කියලා . එකේ Lubuntu කියලා එකක් නැතිනම් Ubuntu තෝරන්න.

Step2 කියන්නේ අර Download කරගත්ත .iso එක තෝරන්න කියලා.

Step 3 කියන්නේ ඔබේ Pen Drive එක තෝරන්න කියලා Install කරන්න යන.

ඒ ඔකොම කරගෙන Create ඔබන්න.

ඔකොම Pen එකට ගියාට පස්සේ පහත රුපයේ වගේ පෙනිවී

ඊලගට පහත Video එක බලලා ස්ථාපනය කරගන්න.

ස්තුතිය.

Tags:
2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *