Remote Desktop Connection හරහා Windows VPS එකකට ලොග් වන්නේ කෙසේද ?

ඔබ Windows VPS භාවිතා කිරීම ආරම්භ කිරීමට සූදානම් නමුත් වින්ඩෝස් VPS එකකට Remote Desktop ලොග් වෙන්නේ කෙසේදැයි දන්නේ නැද්ද ? කණගාටු නොවන්න,අද මම ඔබට සරල පියවර කිහිපයකින් වින්ඩෝස් Remote Desktop වීපීඑස් එකකට ලොග් වන්නේ කෙසේදැයි කියලා දෙනවා. 

ඔබට දැනටමත් Windows VPS එකක් නොමැති නම්, ඔබට Lanka Web Hosting වෙත ගොස් වීපීඑස් එකක් ඇණවුම් කරන්න. ඔවුන් සතුව මසකට ඩොලර් 10.5 සිට NVMe Windows VPS තිබෙනවා. 

ඔබ Lanka Web Hosting වෙතින් Windows VPS එකක් මිල දී ගන්නා විට, ඔබට Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම හෝ Genuine Windows License එකක් ලබා ගැනීම ගැන කරදර විය යුතු නැති බව ඔබට සහතික විය හැක. මෙයට හේතුව Lanka Web Hosting ඒ සියල්ල ඔබ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බැවිනි.

ඔබටම Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට වීපීඑස් එක Reboot කිරීමට වැනි දේවල් සදහා  ඉක්මන් සහ පහසු කිරීමට Lanka Web Hosting වෙතින් Control Panel එකක් ද සපයයි. 

Remote Desktop Connection හරහා Windows VPS එකකට ලොග් වන්නේ කෙසේද ?

1. ඔබ Lanka Web Hosting වෙතින් VPS එකක් මිලදී ගත් පසු, ඔබට Username/Password සහ IP ලිපිනයක් ලැබෙනු ඇත. ඔබ Windows පරිගණකයක් භාවිතා කරන්නේ නම්, Remote Desktop Connection විවෘත කර ඔබේ VPS එකේ  IP ලිපිනය Computer ඉදිරියෙන් ඇති කොටුවේ ඇතුළත් කරන්න. ඉන්පසු Connect ඔබන්න.

2. ඊලග Window එකෙහි, Use another account මත ක්ලික් කර ඔබගේ Windows VPS හි Username/Password ඇතුළත් කරන්න. ඉන්පසු, OK ක්ලික් කරන්න.

3. ඉදිරියට යාමට Yes ක්ලික් කරන්න.

4. සුභ පැතුම්, ඔබ දැන් ඔබගේ Windows VPS එකට ලොග් වී ඇත. ඔබට දැන් ඔබේ පරිගණක තිරය මත ඔබේ VPS හි Desktop එක දැකිය හැකිය.

ස්තුතිය

Add a Comment

Your email address will not be published. Required fields are marked *