ෆේස් බුක් එකේ සියළුම Wall Posts පහසුවෙන් ඉවත් කරන ආකාරය

මේ Extension එකෙන්  පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න.  තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager

මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.

https://chrome.google.com/webstore/detail/ljfidlkcmdmmibngdfikhffffdmphjae?utm_source=chrome-app-launcher-info-dialog

ඔබට මකන්න ඕනේ Facebook Profile එකේ Wall Post නම් ඔබ යන්න ඕනේ Profile එකේ Activity Log වලට.  Profile එකට ගිහිල්ලා එතන තියෙන  (රුපයේ පරිදි) View Activity Log ඔබන්න.

ඊට පස්සේ මේ Extension එකේ Icon එක ඔබලා මේ Extension එකෙන් එන Menu එකේ තියෙන ඔයාට කරගන්න ඕනේ වැඩේ තියෙන බටන් එක ක්ලික් කරන්න.

(උදා – Posts Delete කරන්න නම් ඕනේ Posts Delete මත ඔබන්න)

ඕක ඔබපු ගමන් මැකෙන්න ගන්නේ නැහැ. ටික වෙලාවක් ඔයා දාපු Post , Like , Hide කරපුවන්ම් ඒවා Scanning කරනවා. Scanning කරන වෙලාවට Facebook උඩ Bar එකේ වැටිලා තියෙනවා (පහත රුපයේ පරිදි) Scanning කියලා.

ඊට පස්සේ ඕක Scanning වෙලා ටික වෙලාවකින් ඔබෙන් අහවි ඒ ටික මකන්න ද කියලා එතකොට Confrim හෝ Ok බටන් එක ඔබන්න එචරයි.

Facebook Page එකේ Post මකන්න , Hide කරපුවා Unhide කරන්න Like කරපුවා Un Like කරන්න Backup එකක් ගන්න ඕනම් Facebook Page එකේ Activity Log වලට යන්න. Seetings වලට ගිහිල්ලා Activity Log කියන එක ඔබලා වැඩේ කරගන්න පුළුවන්


Update : 3:30 PM 6/4/2022
මේ Chrome Extension එක Chrome Webstore එකෙන් ඉවත් කර ඇත.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *