Linux Server එකක් මත Kloxo NG Web Hosting Control Panel එක Install කරන ආකාරය

Kloxo යනු ඉතා ජනප්‍රිය වූ, පසුකාලීනව මැරීයාමට පත්වූ (deprecated) වෙබ් හොස්ටින් පැනලයක් වන අතර, එය අලුතින් පිරිනමනු ලබන Kloxo Next Generation හරහා නැවත උපජීවනය ලබමින් පවතී. මේ ලිපිය තුළින් අපි Kloxo හි ආරම්භය, එහි අලුත්ම NG සංස්කරණය, විශේෂාංග, පද්ධති අවශ්‍යතා සහ ස්ථාපන ක්‍රියාවලිය පිළිබඳව විස්තරාත්මකව විමසා බලමු.

LxAdmin සිට Kloxo NG දක්වා – ඉතිහාසය (History)

Kloxo NG යන අදහසට පැමිණීම යනු, විශාල ඉතිහාසයක් සහ සංවර්ධන ගමනක් ඉක්මවා එන චාරිකාවකි. මුලදී “LxAdmin” නමෙන් හඳුන්වා දුන් control panel එක, VPS සහ shared server පරිශීලකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඉන්පසුව, නාමය “Kloxo” ලෙස වෙනස් කරන ලදි.

අවාසියට, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) අභාවප්‍රාප්ත වීමත් සමඟ අභ්‍යන්තර ගැටළු මතුවී, 2009දී Kloxo සහ HyperVM open-source ලෙස release කරන ලදි. මෙය Arthur Thornton, Danny Terweij, සහ S Bhargava යන කණ්ඩායමක් විසිනි. Thornton 2009 ඔක්තෝබර් මාසයේදී lead developer තනතුරෙන් ඉවත් වූද, ඔහුගේ ප්‍රබල දායකත්වය සහ community එකේ සීඝ්‍ර සංවර්ධනය නිසා Kloxo වඩාත් ජනප්‍රිය විය.

2012දී Mustafa Ramadhan විසින් Kloxo-MR fork එක හඳුන්වාදී, අලුත් features, security updates සහ bug fixes එක්කරමින් Kloxo වැඩිදියුණු කරන ලදි. ඉතිරිවූ සංවර්ධනයේ ඉදිරියට, 2020දී Kloxo Next Generation (Kloxo NG) නමින් අලුත් fork එකක් නිකුත් වුණා. මෙය RHEL 8/9, Rocky Linux, AlmaLinux වැනි නවීන operating systems සඳහා support එකත් එක්කර, compatibility, security, සහ නවීන PHP version support ලබාදී ඇති අතර, 2024දී Kloxo 8 නිකුත් කරමින් Kloxo NG තවත් අලුත් අදියරකට ඇතුල් වුණා.

අද Kloxo NG යනු open-source community එකෙන් නවීන Linux server පරිශීලකයන්ට, පහසුවෙන් පාලනය කළ හැකි, විශ්වාසවන්ත control panel එකක් ලෙස දිවයයි.

Kloxo NG හි විශේෂාංග (Features)

  • OS Support: Rocky Linux and AlmaLinux versions 8 and 9, as well as other RHEL derivatives.

  • Web Server: Nginx, Nginx-Proxy, Lighttpd-proxy, Hiawatha, Hiawatha-proxy, and Httpd 24, alongside Httpd and Lighttpd. Also supports dual and multiple web servers.

  • Webcache Server: Varnish.

  • PHP: Multiple PHP versions supported, including PHP 5.6, 7.4, and all PHP 8 versions.

  • PHP Type for Apache: php-fpm_worker/_event and fcgid_worker/_event, in addition to mod_php and suphp/_worker/_event.

  • Mail Server: qmail-toaster (patched to qmail 1.06) and dovecot for IMAP/POP3.

  • Database: MariaDB.

  • Database Manager: PHPMyAdmin (with Adminer, MyWebSql, and SqlBuddy coming as additional options).

  • Webmail: Afterlogic Webmail Lite, Roundcube, and Rainloop.

  • FTP Server: Pure-ftpd.

  • DNS Server: Bind (with Djbdns, PowerDNS, MaraDNS, NSD, myDNS, and Yadifa still to be tested).

  • Addons: ClamAV, Spamassassin, Bogofilter, Spamdyke, RKHunter, and MalDetect.

  • Free SSL: Let’s Encrypt (via letsencrypt/certbot-auto and acme.sh) and StartAPI.

  • Bug Fixes: Many bug fixes from the original Kloxo and Kloxo-MR (including security issues).

  • And many more!

  • License: Kloxo is licensed under AGPLv3.

Hosting Notice – ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අංකයට කතා කරන්න හෝ WhatsApp කරන්න. වෙබ් අඩවියට පිවිසෙන්න: www.divvyhosting.net

අවශ්‍යතා (System Requirements)

  • Operating System: Rocky Linux 8/9, AlmaLinux 8/9, CentOS Stream 9 (RHEL 8/9 derivatives) – 64-bit

  • RAM: 2 GB

  • CPU: 1 Core

  • Disk Space: 20 GB

Kloxo NG Install කිරීම

1. SSH හරහා VPS එකට පිවිසෙන්න

ඔබේ VPS හෝ Dedicated Server එකට root user එකෙන් SSH හරහා ලොග් වන්න. SSH හරහා සම්බන්ධ වන්නේ කෙසේදැයි මෙතැනින් කියවන්න.

2. Update & Upgrade කරන්න

ඔබේ Server එකට පද්ධති යාවත්කාලීන කිරීමක් (Update & Upgrade) කිරීම සඳහා පහත Command එක Terminal එකේ ඇතුළත් කරන්න:

sudo dnf update -y && sudo dnf upgrade -y

3. Kloxo NG ස්ථාපනය කර ගැනීමට පහත Command දෙක ඔබේ Server එකේ Terminal එකේ දමන්න:

sudo curl -O https://kloxo.org/kloxo8/kloxo.sh
sudo sh kloxo.sh

  1. Kloxo NG ස්ථාපනය සම්පූර්ණ වූ පසු, පහත රූපයේ පෙනෙන පරිදි සාර්ථක Message එකක් පෙන්වනු ඇත. Control Panel එකට ලොග් වීමට පහත Username සහ Password භාවිතා කරන්න:

Username: admin
Password: admin

Panel එකට ලොග් වීමට පහත ලින්ක් එකක් භාවිතා කරන්න

  • https://IP:7777 (Secure SSL)

  • http://IP:7778 (Normal)

ලොග් වීමෙන් පසුව, ආරක්ෂාව සඳහා Password එක වහාම වෙනස් කරන්න!

Panel එකට සාර්ථකව ලොග් වූ පසු, Kloxo NG Control Panel මුහුණත පහත පරිදි දිස් වේ. මෙහිදී ඔබට සර්වර්, වෙබ් අඩවි, ඊමේල්, පරිශීලකයන්, හා අනෙකුත් සෙටින්ස් එකම තැනකින් පහසුවෙන් පාලනය කළ හැකිය.

තවත් විස්තර, Update, සහ Support සඳහා නිල වෙබ් අඩවියට වෙත යන්න: https://kloxo.org/

ඉතිහාසය සදහා විස්තර Wikipedia – Kloxo පිටුව ඇසුරෙනි.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *