Linux Server එකට SSH හරහා සම්බන්ධ වන ආකාරය

Linux Server එකක් සවිස්තරාත්මකව කළමනාකරණය කිරීමට SSH (Secure Shell) සම්බන්ධ වීම අත්‍යවශ්‍ය වේ. SSH මඟින් Server එකට Command-line හරහා පිවිස, Software Install කිරීම, Configuration වෙනස් කිරීම සහ Security Settings කළමනාකරණය කිරීම කළ හැක.

මෙම මාර්ගෝපදේශය මඟින් Windows, Linux, සහ Mac OS මත SSH භාවිතා කර Linux Server එකකට සම්බන්ධ වන්නේ කෙසේද සහ Root Access ලබා නොදෙන Linux Server සඳහා කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කර ඇත.

Hosting Notice – ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අංකයට කතා කරන්න හෝ WhatsApp කරන්න. වෙබ් අඩවියට පිවිසෙන්න: www.divvyhosting.net

Windows මත SSH භාවිතා කර Linux Server එකට සම්බන්ධ වීම

Windows මත SSH සම්බන්ධ වීමට පහත විකල්ප භාවිතා කළ හැක:

Windows Command Prompt හෝ PowerShell භාවිතා කර Login වීම

  1. CMD හෝ PowerShell Open කරන්න.
  2. පහත Command එක භාවිතා කරන්න (Username ලෙස ඔබේ Linux Server එක සඳහා ලබාදුන් නිවැරදි නම භාවිතා කරන්න).

    ssh user@your-server-ip

  3. Linux Server එක සඳහා නිවැරදි Username එක ලබාදෙන්න.
    • සාමාන්‍යයෙන්, root භාවිතා කරයි.
    • සමහර Server Providers (AWS, OVH, DigitalOcean) Default Usernames ලෙස ubuntu, debian, almalinux විය හැක. නිවැරදි Username එක ලබාගැනීමට, Linux Server ලබාදුන් විට හෝ OS Reinstall කිරීමේදී Server Provider එකෙන් ලැබෙන Email එක පරීක්ෂා කරන්න. Username ලබාදිය යුතු පිළිවෙල email එකේ විස්තර මත පදනම් වේ, තවද ඔබේ Server Provider documentation එකද බලන්න

        4. Username ලබාදීමෙන් පසු ඔබේ Password ඇතුළත් කර Enter ඔබන්න.

PuTTY භාවිතා කර Login වීම

    1. PuTTY Download & Install කරන්න – PuTTY Official Site
    2. PuTTY Open කරන්න.
    3. Host Name (or IP Address): your-server-ip
    4. Port: 22 (Default SSH Port)
    5. Connection Type: SSH
    6. Open Button Click කරන්න.
    7. Username ලබාදීමෙන් පසු, ඔබේ Linux Server සඳහා ලබාදුන් Password ඇතුළත් කර Enter ඔබන්න.
      • සාමාන්‍යයෙන්, Username එක  root ලෙස භාවිතා කරයි.
      • සමහර Server Providers (AWS, OVH, DigitalOcean) Default Usernames ලෙස ubuntu, debian, almalinux ලබාදිය හැක. නිවැරදි Username එක ලබාගැනීමට, Linux Server ලබාදුන් විට හෝ OS Reinstall කිරීමේදී Server Provider එකෙන් ලැබෙන Email එක පරීක්ෂා කරන්න. Username ලබාදිය යුතු පිළිවෙල email එකේ විස්තර මත පදනම් වේ, තවද ඔබේ Server Provider documentation එකද බලන්න.

Linux / Mac OS මත SSH භාවිතා කර Linux Server එකට සම්බන්ධ වීම

Linux සහ Mac OS වල Terminal මගින් SSH භාවිතය ඉතාමත් පහසුයි.

Terminal භාවිතා කර Login වීම

  1. Terminal Open කර, පහත Command එක භාවිතා කරන්න:
    ssh user@your-server-ip
  2. Linux Server එක සඳහා නිවැරදි Username එක ලබාදෙන්න.
    • සාමාන්‍යයෙන්, root භාවිතා කරයි.
    • සමහර Server Providers (AWS, OVH, DigitalOcean) Default Usernames ලෙස ubuntu, debian, almalinux ලබාදිය හැක. නිවැරදි Username එක ලබාගැනීමට, Linux Server ලබාදුන් විට හෝ OS Reinstall කිරීමේදී Server Provider එකෙන් ලැබෙන Email එක පරීක්ෂා කරන්න. Username ලබාදිය යුතු පිළිවෙල email එකේ විස්තර මත පදනම් වේ, තවද ඔබේ Server Provider documentation එකද බලන්න.

        3. Username ලබාදීමෙන් පසු ඔබේ Password ඇතුළත් කර Enter ඔබන්න.

Root Access නොලැබෙන Linux Server එකක sudo භාවිතය

සමහර Server Providers (AWS, DigitalOcean, Google Cloud, OVH, Ubuntu Servers) මඟින් Root Access සීමා කරනු ඇත.

  • එවිට Default User (ubuntu, almalinux, debian) භාවිතා කර Linux Server එකට ප්‍රවේශ විය යුතුය.
  • Root Privileges ලබා ගැනීමට sudo භාවිතා කළ යුතුය. Linux Server එකට Login වී පසු, sudo su - Command එකක් භාවිතා කර Root Privileges ලබාගත හැක.

Root Access නොලැබුණු විට sudo භාවිතා කර Root වීම

ssh ubuntu@your-server-ip # Ubuntu/Debian Server සඳහා
ssh almalinux@your-server-ip # AlmaLinux Server සඳහා

Login වී පසු Root Privileges ලබා ගැනීමට:
sudo su –

sudo Commands භාවිතා කර Install කිරීම:
sudo apt update && sudo apt upgrade -y # Ubuntu/Debian
sudo yum update -y # AlmaLinux

Root Access ලබාදෙන්නේ ද  නැද්ද කියා ඔබේ Server Provider ගේ Documentation බලන්න

SSH සම්බන්ධවීමේදී ඇතිවිය හැකි ගැටළු සහ විසඳුම්

Linux Server  එකට SSH සම්බන්ධ විය නොහැක

  • IP Address සහ Port නිවැරදිද බලන්න.
  • Server Provider ගේ Firewall / Security Group Settings පරීක්ෂා කරන්න.
  • ඔබේ Server එකේ SSH සේවාව ක්‍රියාත්මකද නැද්ද පරීක්ෂා කිරීමට පහත Command දෙක භාවිතා කළ හැක:

service ssh status # Ubuntu/Debian
systemctl status sshd # AlmaLinux

නමුත්, SSH සම්බන්ධ විය නොහැකි නම්, මෙම Command ක්‍රියාත්මක කළ නොහැක. එවැනි අවස්ථාවලදී, ඔබේ Server Provider Panel හි Console Access හෝ Recovery Mode භාවිතා කර SSH Configuration පරීක්ෂා කළ යුතුය.

ඔබේ Server එක Console Access හෝ Recovery Mode ලබාදේදැයි Server Provider Documentation පරීක්ෂා කරන්න.

  • SSH Port වෙනස් කර තිබේද බලන්න:

cat /etc/ssh/sshd_config | grep Port

  • ඔබට SSH සම්බන්ධ විය නොහැකි නම්, SSH Port එක වෙනස් කර ඇතිද පරීක්ෂා කිරීමට ඉහත  Command එක භාවිතා කළ හැක. නමුත්, SSH සම්බන්ධ විය නොහැකි නම්, මෙම Command එක ක්‍රියාත්මක කළ නොහැක. එවිට, ඔබේ Server Provider Panel හි Console Access හෝ Recovery Mode භාවිතා කර SSH Configuration පරීක්ෂා කළ යුතුය.

ඔබේ Server එක Console Access හෝ Recovery Mode ලබාදේදැයි Server Provider ගේ  Documentation බලන්න.

ලොග් වීමට Password ක්‍රියාත්මක නොවේ

  • Correct Username භාවිතා කරනවාද බලන්න.
  • Root Access ලබාදෙනවා ද කියා Server Provider ගේ Documentation පරීක්ෂා කරන්න.
  • SSH Key Authentication සක්‍රිය කර තිබේද බලන්න.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *