WordPress වෙබ්/බ්ලොග් අඩවියක Posts/Pages තොග වශයෙන් ඉවත් කරන්නේ කෙසේද?

සුභ දවසක් හැමෝටම.! අද පොස්ට් එකෙන් මම කියලා දෙන්නේ WordPress වෙබ්/බ්ලොග් අඩවියක තිබෙන Posts/Pages තොග වශයෙන් එක ක්ලික් එකකින් පහසුවෙන් ඉවත් කරගන්නා ආකාරය ගැනයි.

1.මුලින්ම මේ Plugin එක Download කරගන්න මේ Plugin එකේ නම Wp Mass delete. Plugin එක වෙනම Download කර ගත්තාට මේකේ මොනවත් වයිරස් වගේ දේවල් අන්තර්ගත වෙලා නැහැ virustotal.com වෙබ් අඩවියෙන් මා Scan කර ලබා ගත් Result එක මෙතනින් බලන්න. 

2. ඔබේ WordPress වෙබ්/බ්ලොග් අඩවියේ Plugin > Add New > Upload Plugin වෙත ගොස් ඉහත Download කර ගත් Plugin එක ඔබේ වෙබ්/බ්ලොග් අඩවියට Install කරගන්න.

3. ඊළගට Settings යටතේ ඇති Wp Mass delete මත ඔබන්න.

4. ඊලග ටික පහසුවෙන් කියලා දෙන්න අංක දැම්මා

ඉහත රුපයට අනුව 

  1. ඔයාට ඉවත් කරන්න අවශ්‍ය Post හෝ Pages වල දින පරතරය මෙතනින් සකසන්න පුළුවන් සෑම දිනයක් ම මෙම format: YYYY-MM-DD එකෙන්  Type කරන්න. සියළුම Post හෝ Pages ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ස්ථානය හිස්ව තබන්න. 
  2. ඔයාට ඉවත් කරන්න අවශ්‍ය Posts ද Pages ද කියලා තෝරන්න. 
  3. ඔයාට ඉවත් කරන්න අවශ්‍ය Published,Scheduled,Pending,Draft,Private, Posts ද Pages ද යන්න මෙතනින් තෝරන්න. 
  4. යම් අන්තර්ගතයක් අඩංගු Posts/Pages ඉවත් කරන්න හෝ ඉවත් නොකරන්න අවශ්‍යනම් එය මෙතනින් හැක.
  5. ඉවත් කරන සියළු Posts/Pages Trash එකට නොයවා ස්ථිරව ඉවත් කිරීම සදහා මෙයට ක්ලික් එකක්  දාන්න.

Hosting Notice – ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අංකයට කතා කරන්න හෝ WhatsApp කරන්න. වෙබ් අඩවියට පිවිසෙන්න: www.divvyhosting.net

5. ඉහත සැකසුම් තෝරලා අවසානයේ Delete the Posts Buttion එක ක්ලික් කරන්න. එවිට ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ සියළු Posts හෝ Pages ඉවත් ඌ විට පහත රුපයේ පරදී පණිවිඩයක් දිස් වෙනවා. 

ස්තුතිය.

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *