ඔබේ වෙබ් අඩවිය බිද වැටී ඇති ඇති බව එසැනින් දැනුම් දෙන සේවාවක්

ඔබේ වෙබ් අඩවිය හෝ සේවාදායකය ක්‍රියාත්මක වෙමින් පවතී දැයි පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. මෙය පහසු හා කාර්යක්ෂම ලෙස කළ හැක්කේ uptimerobot.com සේවාව භාවිතා කිරීමෙනි.

Uptimerobot.com කියන්නේ කුමක්ද?

Uptimerobot.com යනු, ඔබගේ වෙබ් අඩවිය හෝ සේවාදායකය පරීක්ෂා කර, කිසියම් ගැටළුවක් හෝ server down එකක් පවතිනවා නම් එය ඉක්මනින් දැනුම් දෙන සේවාවක් වේ.

මෙය කෙසේ වැඩ කරයිද ?

Uptimerobot.com වෙබ් අඩවියට ලියාපදිංචි වීමෙන් පසුව, ඔබගේ Domain Name හෝ Server IP එක එකතු කළ හැකි වේ. එකතු කිරීමෙන් පසු, ඔබේ වෙබ් අඩවිය හෝ සේවාදායකය පරික්‍ෂා කෙරේ. ගැටළුවක් හෝ server down එකක් හට ගත් විට, ඔබට එම තොරතුරු එසැනින් E-mail මඟින් ලැබෙයි.

විශේෂාංග:

  1. ඉක්මනින් දැනුම් දීම: Server Down හෝ වෙනත් ගැටළුවක් ඇති වුවහොත් එය ඔබට එසැනින් දැනුම් දීම.
  2. Server එක නැවත Up වීමේ දැනුම් දීම: Server එක නැවත ක්‍රියාත්මක වීමෙන් පසුව, එය Up වී ඇති බවත්, server එක කුමන කාලය තුළ බිඳ වැටී තිබුනාද කියා දැනුම් දීම.
  3. Status Page එකක්: ඔබ Web Hosting හෝ වෙනත් සේවාවක් සපයන කෙනෙක් නම්, uptimerobot.com මඟින් Status Page එකක් සාදා, ඔබේ server තත්වය පෙන්වන්න.

uptimerobot.com පාවිච්චි කිරීමේ වාසි:

  • ඉක්මන් සහ පහසු: Uptimerobot.com මඟින් server එකේ ගැටළුවක් වන්නේ නැතිව ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු.
  • නැවත Up වීමේ දැනුම් දීම: Server එක නැවත ක්‍රියාත්මක වීම පිළිබඳව වගකීමක් සහ විශ්වාසනීය මගපෙන්වීම.
  • Status Page එක: Web Hosting හෝ වෙනත් සේවාවක් සපයන අය සඳහා නොමිලේ Status Page එකක් සාදා එය අන් අයට පෙන්විය හැක.

Uptimerobot සේවාවට වෙබ් අඩවියක් එකතු කරගන්නේ කෙසේද?

1. පළමුව https://uptimerobot.com/ වෙබ් අඩවියට පිවිස, ලියාපදිංචි වීම සඳහා දකුණු කෙලවරේ ඉහළ ඇති Register for Free බොත්තම මත ක්ලික් කරන්න.

2. ඊළගට ඔබේ සම්පූර්ණ නම, E-mail ලිපිනය, සහ කැමති Password එකක් ඇතුළත් කරන්න. Inform me about new features and updates (max. twice a month) මත ටික් එකක් දී, I’m not a robot විකල්පය සත්‍යාපනය කර, Register Now මත ක්ලික් කරන්න.

ඊළගට ඔබේ E-mail පරික්ෂා කරන්න

3. ඔබේ ලිපිනයට Activation Link එකක් සහිත E-mail එකක් ලැබේ. එම Activation Link මත ක්ලික් කර සත්‍යාපනය කරන්න.

4. ගිණුමේ Add New Monitor විකල්පය මත ක්ලික් කරන්න.

5. ඊළගට Monitor Type ලෙස HTTP(s) තෝරන්න.

6.

  • Friendly Name සඳහා ඔබේ කැමැත්තේ නමක් ඇතුළත් කරන්න. (වෙබ් අඩවියක් නම් එහි නම, Server එකක් නම් Server එකේ නම ඇතුළත් කරන්න. උදාහරණයක් ලෙස – Cpanel Server, US Dedicated Server වැනි නමක් යොදා ගත හැක. Status page එකක් සාදන්නේ නම්, සේවාවට සමාන නමක් යොදා ගැනීම ඉතා වාසිදායකය).
  • URL (or IP) හි වෙබ් අඩවියක් නම් Domain එක (උදා: https://yourdomain.com), හෝ Server එකක් නම් IP ලිපිනය (උදා: http://192.168.1.1) ඇතුළත් කරන්න. VPS එකක් භාවිතා කරනවා නම් VPS එකේ IP එක යොදා ගැනීම වඩාත් පහසු වේ.
  • Monitoring Interval ලෙස විනාඩි 5කට වඩා අඩු මට්ටමක් තෝරා ගැනීමට නොහැක. විශේෂිත කාල පරාසයක් සඳහා PRO Plan එකක් ලබාගත යුතුය.
  • Select “Alert Contacts To Notify” මත ක්ලික් කර අනතුරු ඇඟවීම සඳහා සම්බන්ධතා තෝරන්න.
  • අවසානයේ, Create Monitor මත ක්ලික් කරන්න.

දැන් Uptimerobot සේවාවට ඔබේ වෙබ් අඩවිය සාර්ථකව එකතු කරගෙන ඉවරයි.

ස්තුතිය!

Add a Comment

Your email address will not be published. Required fields are marked *