වෙබ් හොස්ටින් ගැනීමට පෙර ඔබ මේ ගැන අනිවාර්යෙන් දැනගත යුතුයි

Hosting Company වලින් Hosting ගන්නවා කියලා ගොඩක් අය ගොඩක් දේවල් සොයලා නේ ගන්නේ. Review බලනවා අදුරන අයගෙන් අහනවා.

තවත් සමහර අය අඩු මිලට Hosting දෙන Company එකක් සොයා ගත්තොත් මොනවත් සොයන්නේ නැතුව ගන්නවා.

Hosting Company වලින් Hosting එකක් ගන්නකොට ඒ Company ගැන ඔබ සොයන අනිත් දේවල් වලට අමතරව අනිවාර්යෙන් එයාලට Genuine WHMCS License එකක් තියෙනවා ද කියලා සොයලා බලන්න.

WHMCS කියන්නේ Billing & Automation Platform එකක්. මෙන්න මේ වගේ සයිට් එකක් https://demo.whmcsadmintheme.com/ Web Hosting Company වල දැකලා ඇතිනේ. මේ WHMCS Platform එක අවශ්‍ය වෙනවා Hosting එකක් කරනවා නම් අනිවාරයෙන්.

WHMCS වෙනුවට විකල්ප භාවිතා කරන Company ඇති https://alternativeto.net/software/whmcs/

ඔය WHMCS එකෙන් තමයි Billing & Support පැත්ත ඇතුළු ගොඩක් දේවල් වෙන්නේ Hosting Company වල

ඉතින් ඔන්න ඔය නිසා Hosting Company මේ Platform ඉතාමත් ප්‍රොයෝජනවත් වෙනවා. මේක නැතුව Hosting එකක් කරන්න පුළුවන් නමුත් අපහසුයි.

ඔය WHMCS Platform  එකෙන් නිර්මාණය කරන වෙබ් අඩවියට එකට Web Hosting එකේ සියළුම Servers වල Hostname, Username/Password භාවිතා කරලා එ Servers WHMCS එකට එකතු කරනවා.

තව Payment Gateway, SMS Getway , Domain Reseller Accounts ඇතුළු ගොඩක් දේවල් එකට එකතු කරනවා.

ඔබ Hosting පැකේජ් එකක් Order කරන්න Debit/Credit card එකකින් Pay කොලොත් අදාල මුදලත් කපාගෙන ස්වයංක්‍රීයව Hosting පැකේජය ඔබට ලැබෙන්නේ මේ WHMCS Platform එකෙනුයි.

තව Renew කරන දවසට කලින් ඔබව ස්වන්ක්‍රියව දැනුවත් කරන්නේ / Renew කරේ නැතිනම් Automatic Suspend වෙන්නේ මේ WHMCS වලින් ම තමයි.  ගොඩක් Company වල Domain Name ලියාපදිංචි කරන්නත් භාවිතා කරන්නේ මේ WHMCS එකයි (මිට වඩා ගොඩක් දේවල් මේ WHMCS Platform එකෙන් පුළුවන් ඔබට WHMCS කියන්නේ මොකක් ද කියලා පැහැදිලි කරන්නයි මම මේ ගැන ටිකක් කිව්වේ)

දැන් WHMCS කියන්නේ මොකක් ද කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මම සිතනවා.

ඔය WHMCS Platform එක භාවිතා කරන්න නම්  $ 18.95 හෝ ඊට වැඩි මුදලක් Monthly ගෙවීමට සිදු වෙනවා. (License Key එකක් ලැබෙනවා)  WHMCS වෙබ් අඩවියෙන් එහි මිල ගනම් බලන්න  https://www.whmcs.com/pricing/

Hosting කරන සමහර Company භාවිතා කරන්නේ ඔය Platform එකට Nulled Whmcs එකක්. Nulled කියන්නේ License key නැතුව භාවිතා කරන්න හදලා තියෙන Script වලට (Windows Crack කරලා Use කරනවා වගේ) ඔය Nulled ඒවගේ අනිවාර්යෙන්ම Malware තියෙනවා.

Web Hosting ආයතනයකින් Nulled WHMCS එකක් නම් භාවිතා කරන්නේ එයාලගේ Web Hosting එක හැක් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි. එහෙම හැක් උනොත් හැකර් ලට WHMCS එකට අනවසරෙන් ලොග් වෙලා Server එකේ Cpanel ඇතුළු සියළුම දේවල් මකලා දාන්න පුලුවන් Customers ලගේ අතිශය වැදගත් රහසිගත  තොරතුරු ඔහුන් අතට පත් වෙන්න පුලුවන්. තව වෙබ් සයිට් වල දත්ත නැති වෙන්න හෝ වෙබ් අඩවි වල දත්ත ඔහුන් අතට යන්න පුලුවන්.   තව  ඔබේ Debit/Credit Card වල දත්ත අදාළ Web Hosting ආයතනයේ වෙබ් අඩවියේ  Save කර ඇත්තම් ඒවා හැකර්ලට යන්න පුළුවන්

ඔය මම ඉහත කී මොනවත් වෙන්නේ නැතුව ඔබේ වෙබ් අඩවි වලට ඔහුන් වයිරස් එකක් ඇතුළු කරන්නත් පුළුවන්. එහෙම වයිරස් එකක් අවොත් ඔබේ වෙබ් අඩවියට විශාල වශයෙන් හානි වෙන්න පුළුවන් තව ඔබේ Domain Name එක  Google , ෆේස් බුක් වැනි වෙබ් අඩවි වලින් පවා බ්ලොක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි

තවත් ගොඩක් දේවල් වෙන්න පුළුවන් මෙය ඔබට තෙරුන් ගැනීම සදහා මේ කරනු ඇති කියලා මම සිතනවා.

මේ වගේ දේවල් ඔයාට වෙන්න පුළුවන් එක නිසා  Hosting එකක් ගන්නකොට සොයන අනිත් කරනු වගේම මේ ගැනත් හොදට සොයලා ගන්න එතකොට පසුතැවෙන්න වෙන දේවල් වෙන්නේ නෑ.

Web Hosting Company එකක් Genuine WHMCS License එකක් භාවිතා කරනවා ද කියලා සොයා ගන්නේ කොහොමද ? 

Genuine WHMCS License එකක් භාවිතා කරනවා ද කියලා ලේසියෙන් හොයා ගන්න පුලුවන් මේ ලින්ක් එකට https://www.whmcs.com/members/verifydomain.php ගිහිල්ලා අදාළ Hosting එකේ WHMCS එකේ Domain එක https:// , www නැතුව Type කරලා Enter ඔබන්න. එතකොට පහත රුපයේ පරිදි  දිස්වෙනවා  නම් එ ආයතනය භාවිතා කරන්නේ Genuine WHMCS License එකක් නොවේ.

ඒ වගේම අදාළ Web Hosting ආයතනය WHMCS භාවිතා නොකරනවා නම් පහත රුපයේ පරිදි දිස් වෙන්න පුළුවන්. ඔහුන් WMMCS භාවිතා කරනවා ද , නැද්ද යන්න නිවැරදිව සොයාගැනීම සදහා https://whatcms.org/ වෙබ් අඩවිය භාවිතා කරන්න.


 

ව්‍යාජ WHMCS භාවිතා කරන Company එකක්  නම් ඔබට මෙතන තියෙන Report it to us  මත ඔබලා ඔහුන් ගැන පැමණිලි කරන්න පුළුවන්.

Genuine WHMCS license එකක් අරගෙන තියෙන Web Hosting ආයතනයක් නම් පහත රුපයේ පරිදි  This domain is authorized to be using WHMCS ලෙස දිස් වෙන්න ඕනේ

 

 

ලංකාවේ විතරක් නොවේ පිටරටවලත් Nulled WHMCS වලින් බිස්නස් කරන ගොඩක් අය මන් දැකලා තියෙනවා. එක නිසා Hosting එකක් ගන්නකොට හොදට සොයලා බලලා ගන්න.

මේ පොස්ට් එක  Web Hosting  මිල දී ගන්න අයට වගේම මේ ගැන නොදැන Web Hosting ආයතනයක් පවත්වාගෙන යන කෙනක් ට ගොඩක් වැදගත් වෙයි කියලා මම සිතනවා.

ස්තුතිය.

අඩු මුදලකට 24/7/365 Support සමග හොදම Web Hosting හෝ VPS සොයනවා නම් ඔබට Lanka Web Hosting වෙතින් මිළ දී ගන්න පුළුවන්.   https://lankawebhosting.net  වැඩි විස්තර සදහා Lanka Web Hosting අමතන්න 077 489 8282

Add a Comment

Your email address will not be published. Required fields are marked *