Directadmin Web Hosting Control Panel එක Cent OS 7 VPS එකක Install කර ගන්නා ආකාරය

Directadmin Web Hosting Control Panel එක Cent OS 7 64bit VPS එකක Install කරගන්න ආකාරය තමයි අද කියලා දෙන්නේ. Cpanel/WHM වල මිල ගනම් සැප්. ඉදලා වෙනස් වෙන නිසා Cpanel වෙනුවට භාවිතා කරන්න පුළුවන් මිල ගනම් අඩු හොද Control Panel එකක් තමයි Directadmin කියන්නේ.

Directadmin නොමිලේ භාවිතා කරන්න බෑ License එකක් මිල දී ගන්න වෙනවා $ 2/Mo ඉදලා Directadmin License තියෙනවා. දවස් 30ක Trial එකකුත් තියෙනවා එක ඉසෙල්ලා අරගෙන හොද නරක බලලා පස්සේ මිල දී ගන්න පුළුවන් (Trial එක ගන්න Credit හෝ Debit Card දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ) directadmin Licenses වල මිල ගනම් මේ ලින්ක් එකට ගිහිල්ලා බලාගන්න පුළුවන් https://www.directadmin.com/pricing.php

Installation Requirements මෙතනින් බලාගන්න https://www.directadmin.com/install.php

Features මෙතනින් බලාගන්න https://www.directadmin.com/features_list.php

 

ඉසෙල්ලා Directadmin සයිට් එකට ගිහිල්ලා Register වෙන්න මෙතනින් https://www.directadmin.com/clients/

Register වෙලා ඉවර උනාම Register වෙනකොට දුන්න E-mail Account එකට ලැබෙනවා Username / Password එකයි. ඒවා භාවිතා කරලා Directadmin Account එකට ලොග් වෙන්න.

ඊළගට Create A New License මත ඔබන්න.

ඊළගට Get Trial ඔබන්න

ඊළග එකට අංක දැම්මා කියලා දෙන්න ලේසි වෙන්න

  1. කැමති නමක්
  2. ඔබේ VPS එකේ DirectAdmin Install කරන්න යන OS එක තෝරන්න. (Cent Os 7 තෝරන්න)
  3. VPS එකේ IP ලිපිනය Type කරන්න
  4. Server Host Name එක ලබා දෙන්න උදා – server.lktips.com වැනි ලිපිනයක්
  5. I agree to terms of the DirectAdmin License Agreement මේකට ක්ලික් එකක් දාන්න

ඊළගට Proceed ඔබන්න.

ඊළගට VPS එකේ Cent OS 7 64bit Install කරගන්න

ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න
Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
Password එකට root Password එක Type කරන්න

ඊලගට පහත Command එකින් එක Type කරලා Enter ඔබන්න

yum update -y

ඊළගට

yum install psmisc net-tools systemd-devel libdb-devel perl-DBI perl-Perl4-CoreLibs xfsprogs rsyslog logrotate crontabs file kernel-headers

ඊළගට

yum install wget -y

ඊළගට

wget https://www.directadmin.com/setup.sh

ඊළගට

chmod 755 setup.sh

ඊළගට

./setup.sh

ඊළගට y Type කරලා Enter ඔබන්න

ඊළගට Client ID එක Type කරලා Enter ඔබන්න (Directadmin Client Area එකේ Register උණාම ඔබට ලැබුණු E-mail එකේ තිබුණ ID එක)

ඊලගට License ID එක Type කරලා Enter ඔබන්න (Directadmin Client Area එකෙන් ගන්න පුළුවන් එක)

ඊළගට hostname එක Type කරලා Enter ඔබන්න

ඊළගට අහන ඒවාට  y Type කරලා Enter ඔබන්න

y Type කරලා Enter ඔබන්න

Is this correct? (y,n)

y Type කරලා Enter ඔබන්න

Is eth0 your network adaptor with the license IP (192.168.1.1)? (y,n) :

IP එක හරිනම් y Type කරලා Enter ඔබන්න

Is 192.168.1.1 the IP in your license?

y Type කරලා Enter ඔබන්න

DirectAdmin will now be installed on: Enterprise 7.6
Is this correct? (must match license) (y,n) :

y Type කරලා Enter ඔබන්න

Would you like the default settings of apache 2.4 with mod_ruid2 and php 7.2 cli? (y/n):

y Type කරලා Enter ඔබන්න

Would you like to search for the fastest download mirror? (y/n):

Install වෙලා ඉවර වෙනකන් ටිකක් වෙලා බලාගෙන ඉන්න දැන් තියෙන්නේ. Install වෙලා ඉවර වෙන්න පැය බාගයක් පමණ ගියා  මටනම්

අවසානයේ Username/Password රුපයේ පරිදි දිස්වෙයි ඔය ටික Copy කරලා අරන් Save කරගන්න පරිගනකයේ කොතැනක හෝ

directadmin වලට ලොග් වෙන්න ඔයාගේ VPS එකේ IP අන්තිමට :2222 එකතු කරලා ඒ Address එකට යන්න.

උදා http://192.168.1.1:2222

Admin Panel එක

User Panel එක

User Panel එක (වෙනත් Theme එකකින්)

 

Directadmin Debain/Ubuntu වලට Install කරන ආකාරයත් Directadmin වල වැඩ කරන ආකාරය ඉදිරි පොස්ට් වලින් මන් කියලා දෙන්නම්.

ඕනෑම Web Hosting Control Panel එකක් VPN/VNC ඇතුළු ඕනෑ දෙයක් VPS වල Install කරගන්න බැරිනම් මේ No Call දෙන්න කරලා දෙන්න පුළුවන් 0774898282 නැතිනම් ෆේස් බුක් පිටුවට Msg කරන්න අපේ https://www.facebook.com/lktipsblog1/

ස්තුතිය

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *