Google Input tools දැන් Windows වල Install කරන්න බැරිද ? – මෙන්න විසදුම

සුභ දවසක් හැමෝටම.! ගොඩක් අය සිංහල ලියන්න භාවිතා කරන මෘදුකාංගයක් තමයි Google Input tools කියන්නේ ඕනෑම වචනයක් Singlish වලින් Type කරලා සිංහලට හරවා ගන්න පුළුවන් මේ මෘදුකාංගයෙන්. උදාහරණක් විදියට ‘මම’ කියලා ටයිප් කරන්න ඕනම් mama කියලා Singlish වලින් Type කලාම ඇති. මේ මුදුකාංගය සිංහල විතරක් නමේ දමිල , හින්දි ඇතුළු භාෂා රැසක් Type කරන්න පුළුවන්. Google ලා Google Input tools, Chrome Extension එකක් විදියටත් Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා.

Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගය ඔබේ පරිගනකයේ එහෙමත් නැත්තම් ලැප් ටොප් පරිගණකයේ ස්ථාපනය කලාට පස්සේ Task Bar එකේ දකුණු පැත්තේ පොඩි බටන් එකක් එනවා EN කියලා එකේ SI තෝරන්න ඕනේ, ඊට පස්සේ ඕනේ තැනක Singlish වලින් Type කලාම සිංහල අකුරු වලින් ලියවෙනවා.

Images ලබා ගත්තේ Google Images වලින්

දැන් Google Input tools Windows මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices වලට සතියක වගේ ඉදලා ස්ථාපනය කරන්න බෑ Google Input tools නිළ වෙබ් අඩවියෙන්නුත් Windows පිටුව ඉවත් කරලා තියෙනවා   https://www.google.com/inputtools/try/

Google Input tools Windows devices වලට භාවිතා කරන්න බෑ කියලා හිත හිත ඉන්න ඕනේ නෑ මෙන්න තියෙනවා Google Input tools offline Install කරගන්න පුළුවන් ගොනුව. මේක Download කරලා ඔබේ Windows devices එකේ ස්ථාපනය කරගන්න.

Download

ඔය ගොනුව Download කරලා unzip කරගෙන

එකේ තියෙන 4MB GoogleInputTools මුදුකාංගය ඉසෙල්ලා ස්ථාපනය කරන්න.
ඊළගට 3MB GoogleInputSinhalese මේක ස්ථාපනය කරන්න.

ස්තුතිය.

10 Comments

Leave a Reply to kapila wasantha Cancel reply

Your email address will not be published. Required fields are marked *