Ubuntu / Debian VPS එකක Deluge’ Seedbox එක Install කර ගන්නා ආකාරය

සුභ දවසක්ම හැමෝටම.! මම කලින් පොස්ට් එකෙන් කියලා දුන්නේ SeedBox එකක් කියන්නේ මොකක් ද කියලා ඒ පොස්ට් එක නොබැලු කෙනක් නම් මෙතන ඔබලා ඒක බලන්න. මම අද කියලා දෙන්නේ Deluge’ Seedbox එක Ubuntu / Debian VPS එකක Install කරගන්නා ආකාරය පිලිබදවයි.

මුලින් 1GB RAM
1 Core CPU
Space 10GB හෝ ඊට වැඩි Hdd Space එකක් තියෙන Linux VPS එකක් මිළ දී ගන්න.

ඊළගට Ubuntu 16.04 64bit හෝ Debian 8.7 64bit සංස්කරණයක් VPS එකට Install කරගන්න.

ඊට පස්සේ Putty Download කරගන්න.

32bit https://the.earth.li/~sgtatham/putty/latest/w32/putty.exe
64bit https://the.earth.li/~sgtatham/putty/latest/w64/putty.exe

Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.

ඔය Security Alert එකට Yes ඔබන්න.

ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.

ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.

VPS එකට ලොග් උනාම මේ වගේ

පහත Commands එකෙන් එක Copy / Paste කරන්න දැන්. (Copy කරලා Putty එක උඩ ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කලා නම් ඇති නිකන් ම Paste වෙනවා)

apt-get update

apt-get install deluge deluged deluge-web apache2 -y

deluged

deluge-web --fork

cd /var/www/html/

mkdir files

mkdir .temp

mkdir watch

chown -R www-data:www-data /var/www/html/

දැන් SeedBox එක Install කරගෙන ඉවරයි.  SeedBox එකට ලොග් වෙන්න http://IP:8112/ යන්න  ( උදා – http://127.0.0.1:8112/)

Username/Password – deluge

SeedBox එකට ලොග් වෙලා Password එක Change කරගන්න පුළුවන්

මේ තියෙන්නේ ලොග් වෙන තැන

ඊලගට එයි (පහත රුපයේ පරදී ) Connection Manager කියලා popup Window එකක් එකේ Connect ක්ලික් කරන්න.ඊළගට අසයි (පහත රුපයේ පරිදි) Default Password එක Change කරන්න ද කියලා එකට Yes ඔබන්න.

කැමති Password එකක් දීලා Change ඔබලා Apply කරලා Ok ඔබන්න.

Password එක මාරු කළ නිසා ලොග් අවුට් වෙයි අළුත් Password එක දීලා නැවත ලොග් වෙන්න.

ඊළගට ටික කියලා දෙන්න ලේසි වෙන්න (රුපයේ පරිදි) අංක දැම්මා ( ඊළගට ටික මම කියලා දීලා තියෙන විදියටම නිවැරදිව කරගන්න නැති උනොත් Direct link වලින් torrent files download කරගැනීම නොහැකි වේවි)

රුපයේ අංක 1 ලෙස නම් කර ඇති තැන Preferences ඔබන්න.

රුපයේ අංක 2 ලෙස නම් කර ඇති තැනට මේක Copy/Paste කරන්න /var/www/html/.temp

රුපයේ අංක 3 ලෙස නම් කර ඇති තැනට මේක Copy/Paste කරන්න /var/www/html/files

රුපයේ අංක 4 ලෙස නම් කර ඇති තැනට මෙක Copy/Paste කරන්න /var/www/html/watch

දැන් Apply ඔබලා Ok කරන්න දැන් SeedBox එක හදාගෙන ඉවරයි.

ඊලගට Add ඔබලා කැමති Torrnet Link දීලා බලන්න ඉක්මනින් torrnet file එක Seedbox එකට Download වෙයි.

Torrnet file එක Seedbox එකට Download උනාට පස්සේ Direct link වලින් ඔබේ පරිගණකයට හෝ වෙනත් උපාංගයකට Download කරගැනීමට http://IP/files යන්න. ( උදා http://127.0.0.1/files )

මේ පොස්ට් එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා නම් Comment එකක් මාර්ගයෙන් අහන්න මම උදව් කරන්නම්

ස්තුතිය.

2 Comments

Leave a Reply to gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *